| බුදුසරණ අන්තර්ජාල කලාපය 
	
		| කතරගම කිරිවෙහෙරඊ.එච්.සෝමපාල කතරගම විශේෂ කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේදී මැදින් පෝදා පින්කම් රැසක් 
			ඌව විශ්ව විද්‍යාලයේ කුලපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක 
			කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත 
			නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ.එදින උපාසක උපාසිකාවන් අටසිල් සමාදන් කරවීම මල් පහන් කිරි ආහාර පූජාවද 
			ශබ්ද පූජා මධ්‍යයේ කිරිවෙහෙර චෛත්‍ය වටා ෂඩ්වර්ණ සාටකයක් පැළඳවීමේ 
			කප්රුක් පූජාවද පැවැත්වේ.
 මහාඝෝෂ පුර බෞද්ධ සමිතියේ මල් පෙරහරද චෛත්‍ය මලුවේ භාවනාවැඩ සටහනද 
			පැවැත්වෙන අතර උදේ ධර්මදේශනාව මොණරාගල ශ්‍රී සද්ධාසෝම පරිවේනාධිපති 
			ශාස්ත්‍රපති රුවන්වැල්ලේ සුධීර හිමියන් විසින් පවත්වනු ලැබේ. සවස 
			මහාසේන සිල් සමිතියේ උපාසක උපාසිකාවන් කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ 
			සිට මල් පෙරහරකින් අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට ගොස් බෝධිපූජා පින්කම 
			පවත්වා ශ්‍රී ලංකාවට සාමය සමගිය උදාවේවායි ප්‍රාර්ථනා කරති. ආලෝක පූජා 
			පින්කම කිරිවෙහෙර චෛත්‍ය 3 වන මලුව සමීපයේද සර්ව රාත්‍රික පරිත්‍රාණ 
			ධර්මදේශනාව විහාරස්ථ ධර්ම ශාලාවේදී පසුදා පහන්වනතුරු පැවැත්වේ.
 කලුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක කතරගම බෞද්ධ සංගමය ගිලාන 
			උපස්ථාන බෞද්ධ සමිතිය මහාසේන සිල් සමිතිය හා විහාරස්ථ දායක සභාව 
			පින්කම් සංවිධානය කර ඇත.
 |  | 
					
						|  |  
						| 
	
		
			| 
	
		| 
					  මැදින් 
					පුර පසළොස්වක පෝය   මැදින් පුර 
					පසළොස්වක පෝය මාර්තු 20 වැනිදා බ්‍රහස්පතින්දා අපර භාග 11.25 ට 
					ලබයි.22 වන දා සෙනසුරාදා පූර්ව භාග 12.10 දක්වා පෝය පවතී.
 සිල් සමාදන්වීම මාර්තු 21 වන සිකුරාදා ය.
 
 මීළඟ පෝය මාර්තු 29 වන දාය.
 |  
		| 
 |  
		| 
			
				
					|  |  
		| 
		 පසෙලාස්වක |  
		| මාර්තු 21 |  
		 අව 
		අටවක | 
		| මාර්තු 29 |  
		 අමාවක | 
		| අපේ‍්‍රල් 05 |  
		 පුර අටවක | 
		| අප්‍රේල් 12 |  |  |  |  
						|  |  |