UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කේශ ධාතුන් වහන්සේ රුහුණු පුරවරයට වැඩම වූ වගයි

බංග්ලාදේශයේ චිතගොන් විහාරයේ සිට හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට වැඩම කරවා එහි තැන්පත් කර තිබෙන සර්වඥකේශ ධාතුන් වහන්සේ ඉකුත් දා ගංගාරාමයේ සිට ජනාධිපති මන්දිරයට වැඩම කිරීමෙන් අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් එම කේශ ධාතුන් වහන්සේ වන්දනා කරන ලදී.අනතුරුව කළුතර බෝධිය අලුත්ගම කන්දේ විහාරය ගාල්ල ඔස්සේ මාතර බෝධිය වෙත කේශධාතුන් වහන්සේ රැගත් රථ පෙරහර පැමිණ මහජනයාට වන්දනා කිරීමට යොමු කළහ.

මාතර වෙහෙරහේන රාජ මහා විහාරයේ ද දින දෙකක් එම කේශ ධාතුන් වහන්සේ වන්දනා මාන කිරීමට බැතිමතුන් උදෙසා වෙහෙරහේන රජමහා විහාරයේ විහාරාධිපති කෑගල්ලේ රතනසාර හිමියන් විසින් පහසුකම් සලසා දුන්හ.

සර්වඥ කේශධාතුන් වහන්සේ ප්‍රවාහන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් වෙහෙරහේනට වැඩම කර වූ අතර, පසුව සංස්කෘතික ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා සහ ජනමාධ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මාතර පුරපති උපුල් නිශාන්ත මහතා මාතර දිස්ත්‍රික් ලේකම් ගාමිණී ජයසේකර මහතා ඇතුළු මහා සංඝරත්නයද දහස් සංඛාත බැතිමත් මහජනතාවද විසින් වැඳ පුදා ගනු ලැබිණි.

ඒ නිමිත්තෙන් වෙහෙරහේන විහාරස්ථානයේ සති පිරිත් දේශනාවක් පවත්වා රටටත්, මහජනතාවටත්, ජනාධිපතිතුමා ඇතුළු මැති ඇමැතිවරුන්ටත් ත්‍රිවිධ හමුදාවේ සහ පොලිස් නිලධාරින්ටත් සෙත්පතා රටේ සාමය ප්‍රාර්ථනා කැරිණි . අනතුරුව කේශධාතුන් වහන්සේ කතරගම කිරිවෙහෙර රජ මහා විහාරය දක්වා වැඩම කරවා, කිරි වෙහෙර අබියස දින දෙකක් බැතිමතුන්ට වන්දනා කිරීමට ඉඩ සැලසූහ.

එම අවස්ථාවට අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා හා කතරගම බස්නායක නිලමේ ශෂින්ද්‍ර කුමාර රාජපක්ෂ මහතා සමග කිරිවෙහෙර රජ මහා විහාරාධිපති ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියෝද සහභාගි වූහ.

පසුව එහි සිට රත්නපුර හරහා සංඛපාල විහාරය, සමන් දේවාලය ඔස්සේ අවිස්සාවේල්ල මාර්ගය හරහා නැවත ගංගාරාමයේ තැන්පත් කිරීමට කේශධාතුන් වහන්සේ රැගත් රිය පෙරහර ගමන් ගත්තේය. මාතර බෝධිය හා මාතර වෙහෙරහේන රජ මහා විහාරයේදී කේශධාතුන් වහන්සේ පිදූ අවස්ථා ඡායාරූප වලින් දැක්වේ.


මාතර වෙහෙරහේන රාජමහා විහාරයට සර්වඥ කේශධාතුන් වහන්සේ ප්‍රවාහන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් වැඩම කරවූ අවස්ථාව.


මාතර බෝධීන් වහන්සේ අබියසදී සර්වඥ කේශධාතුන් වහන්සේ වැඳපුදාගත් මාතර පුරපති උපුල් නිශාන්ත මහතා හා මාතර දිස්ත්‍රික් ලේකම් ගාමිණී ජයසේකර මහතා ඇතුළු බැතිමතුන් .


මාතර වෙහෙරහේන විහාරස්ථානයට ජනමාධ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සහ ප්‍රවාහන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා බුදුරදුන්ගේ කේශධාතුන් වහන්සේ වන්දනාවට පැමිණි අවස්ථාව .


සංස්කෘතික ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා ද, විහාරාධිපති කෑගල්ලේ රතනසාර හිමියෝද, ජනාධිපති බෞද්ධ සම්බන්ධීකාරක ගැටමාන්නේ ගුණානන්ද හිමියෝද . ඡායාරුපයේ වෙති


මහා සංඝරත්නය වන්දනා කරමින්...


වෙහෙරහේන රාජමහා විහාරයේ පැවැති කෑගල්ලේ රතනසාර හිමියන් විසින් සංවිධානය කළ සත් දින පිරිත් දෙසුමට මහා සංඝ රත්නය වැඩම කළ අයුරු.


බැතිමතුන් මාතර වෙහෙරහේන විහාරස්ථානයේදී කේශධාතුන් වහන්සේ වැඳ පුදා ගත් අයුරු.

  මැදින් පුර පසළොස්වක පෝය

   මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 20 වැනිදා බ්‍රහස්පතින්දා අපර භාග 11.25 ට ලබයි.
22 වන දා සෙනසුරාදා පූර්ව භාග 12.10 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 21 වන සිකුරාදා ය.

මීළඟ පෝය මාර්තු 29 වන දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 21

Second Quarterඅව අටවක

මාර්තු 29

New Moonඅමාවක

අපේ‍්‍රල් 05

First Quarterපුර අටවක

අප්‍රේල් 12

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]