UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

සඟ රුවනේ සෙත් පිරිත් මැද කේශ ධාතූන් වහන්සේ වැඩම කර වූ වගයි


ලක්වැසි සියලු ජනතාවගේ සමෘද්ධිය, අභිවෘද්ධිය සහ මෙරට එක්සේසත් කිරීමේ දැවැන්ත අභියෝගය භාරගෙන, එය ඉටුකිරීම තම පරමාර්ථය බව කල්පනා කරන ජනාධිපතිතුමාගේ ඒ පැතුම ඉටුකැරැ ගැනීමට කේශ ධාතූන් වහන්සේ කොළොම්පුරේ සිට ඓතිහාසික රුහුණුලකට වැඩම කරවීමේ මෙම ආශීර්වාදාත්මක මහා පින්කම තුළින් හැකිවේවායි කොළඹ ගංඟාරාමාධිපති ගලබොඩ ඤාණිස්සර හිමියෝ ප්‍රකාශ කළහ.

ඉතිරිය»

සසුනත් - දේශයත් රැක්මට කැපවූ වාරියපොල නා හිමි


රාජ්‍ය වර්ෂ 1815 මාර්තු මස දෙවැනි දින සිරිලක් දිවම හිරු නොබසින සුදු අදිරද කිරුළට නතුකොට කන්ද උඩරට දී වහල් ගිවිසුම අස්සන් තැබීමට පෙරාතුව බලකාමයෙන් උමතු වූ ඉංගී‍්‍රසි සෙනවියකු සිය කතිර කොඩිය ඔසවා කළ සදාචාර නොවූත්, විනය විරෝධි වූත් ක්‍රියාවට එතැන සිටි සිංහල නිළමේවරුන් නිහඬව සිටියද, පසෙකට වී ළතැවිල්ලෙන් වැඩ සිටි වාරියපොල ශ්‍රී සුමංගල අනු නා හිමියෝ වහා පෙරට පැන කඩු, තුවක්කු, බයිනේතු අතින් ගත් ඉංගී‍්‍රසි හේවායන් ද, සෙනෙවිවරුන් ද තඹයකට මායිම් නොකැර අහසේ ලෙලදෙන ඉංගී‍්‍රසි කොඩිය බිමට ඇද පාගා සිහ නද නගමින් සිංහල ජාතික කොඩිය ඔසවා පරදේශ් පිරිස් අන්ද මන්ද කළ සැටි සිංහල වංශ කථාවේ ස්වර්ණමය වූ අකුරෙන් ලියැවී ඇත.

ඉතිරිය»

ධර්ම දේශනාව:

පරිහානියේ දොරටුව


කාරුණික පින්වත්නි

අපේ ජීවිත වල සතුටුවිය හැකි අවස්ථා රාශියක් තිබෙනවා. මේ අතර අප බොහෝ සතුටු වන්නේ ලෞකික වශයෙන් ලබන ලාභ සත්කාරාදිය නිසයි. නමුත් අප වඩාත් සතුටුවිය යුත්තේ කුසල් දහම් සිදු කරන මොහොතේදීය. ලෞකික ජීවිතයේ භෞතික වස්තුන් නිසා ලබන ජීවන මිහිර තාවකාලිකයි. පසඳුරන් පිනැවීමෙන් ලබන සතුටද එසේමයි. ඇතැම් විට භෞතික වස්තූන්ගේ විනාශ නිසා කායික මානසික දුක්වේදනා විඳීමට සිදුවේ. පින් දහම් සිදුකොට එහි අගය වටිනාකම තේරුම් ගෙන ලබන සතුට සැනසුම දෙලොව බොහෝ කලක් විඳිය හැකියි. පෘථග්ජන මිනිසුන් ලෙස අප බොහෝ උත්සාහ ගන්නේ පස්කම් සුව විඳීමටයි. මේ ආශාවන්ගේ සීමාවක් නැහැ. සංසිඳීමක් නෑ. ඇතැම් විට ජීවිතය අවසන් වෙනවා. ආශාවන්ගේ තෘප්තිය නිමවන්නේ නෑ. ලෞකික ලෝකයේ පෘථග්ජන සිතේ ස්වභාවය මෙයයි. මේවා කෙළෙස් රෝග. මෙයින් අත් මිදෙනු සඳහා පැහැදිලි මාර්ගය වන්නේ සම්බුදු රදුන් පෙන්වා වදාළ ධර්ම මාර්ගයේ ගමන් කිරීමයි. එනිසා අප සැවොම බණඅසමු දරමු. හැසිරෙමු. ලොව්තුරු දහමින් සදා සැනසෙමු.

ඉතිරිය»

අධිකරණය මගින් රාජසන්තක කළ විවිධ වටිනා පුරාවස්තු රටේ වැදගත් පූජනීය සිද්ධස්ථාන වලට දියයුතුයි


උසාවියට යොමු වීමෙන් අනතුරුව රාජසන්තක වී වෙන්දේසියේ විකුණන ඇතැම් වටිනා පෞරාණික වස්තූන් එසේ වෙන්දේසියේ විකිණීමෙන් සිදුවන්නේ අපේ ඉතිහාසයේ බොහෝ වැදගත් මෙන්ම බෞද්ධ උරුමය විනාශ වීමට තුඩුදීමකි. අපේ පෞරාණික මේ වටිනා වස්තු කොල්ලකමින් ඇතැම් අය අපේ උරුමයන් සහ ඓතිහාසික සාධක වැළලීමට කටයුතු කරන විට එම වටිනා වස්තු විකිණීමෙන් ඒවා අපේ අනාගත පරපුරට දකින්නට ඇති අවකාශය අහිමි වීම විශාල ජාතික අපරාධයකි.

ඉතිරිය»

කොළඹ 14 ජේතවන මාවතෙහි පිහිටි 1921 දී ආරම්භ කළ ජේතවනාරාම මහා විහාර භූමියේ ඉදිරිපස ඇති මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ 1976 වසරේදී නිරාවරණය කර තිබේ. මෙම ප්‍රතිමා වහන්සේ නිර්මාණය කරන ලද්දේ වැලිගම අරනෝලිස් නම් නිර්මාණ ශිල්පියා විසිනි.
ඡායාරූපය - ජනක වෙත්තසිංහ

  නවම් අමාවක පෝය

  මාර්තු 07 වන දා සිකුරාදා පූර්ව භාග
12.25 ට ලබයි.
එම දා අපර භාග 10.44 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු 07 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය මාර්තු 14 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 07

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 29
ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]