UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අබුඩාබියේ ආගමික ප්‍රබෝධය

කිනම් රටක කිනම් තැනක සිටියද ආගමින් බැහැරව ගත කරන දිවිපෙවෙත නිරුදක කාන්තාරයක් මෙන් සාරධර්ම වලින් හීන වන්නේය. මෙවැනි ගුණ දහම් රැක ගැනීමේ පරම අභිලාෂයෙන් බෞද්ධයින්ගේ එකමුතුවක් අපට සියැසින් දැකගැනීමේ වාසනාවක් පසුගිය වසරේ අගභාගයේදී දැක ගැනීමට ලැබුණි. එනම් මැද පෙරදිග රටවල් හතක එකමුතුවෙන් සැදි එක්සත් අරාබි රාජධානියේ (එ. ඊ. යූ.) අබුඩාබි නගරයේදීය.

එහි ශ්‍රී ලාංකික ජනතාව දැනට එක්ලක්ෂ විසිපන් දහසක් පමණ විවිධ රැකියාවල නිරතව සිටිති. මෙයිනුදු වැඩි පිරිසක් බෞද්ධයෝ වෙති. මොවුන්ගේ එකමුතුවෙන් බෞද්ධ සංගමයක් පිහිටුවා දැනට වසර 15 කටත් වඩා වැඩි කාලයක සිට සෑම පසළොස්වක් පොහෝ දාකම ආගමික පිළිවෙත් සිදුකිරීම සතුටට හේතුවකි. ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උඩු මහලේ සකස් කර ඇති බුදු මැදුර මුල්කරගෙන මාසයේ පුර පසළොස්වක් පොහෝ දිනකම ධර්ම සාකච්ඡා, භාවනා, සීල සමාදාන, ආදි ආමිස ප්‍රතිපත්ති පූජාවන් වල යෙදෙති. මේ සඳහා එරට වැසි ලාංකික උපාසක, උපාසිකාවන්ගේ නොමද සහයෝගය හා මගපෙන්වීම ලැබෙයි. බෞද්ධ සංගමයේ සියලු නිලධාරීන්ගේ මෙහෙයවීම ප්‍රශංසනීයය. වෙසක්, පොසොන් වැනි උතුම් පොහෝ දිනවල විශේෂ ආගමික පින්කම් පැවැත්වීම වසර කීපයක සිට සිදු කරති. 2007 වසරේ අවසන් දින පවත්වන ලද පින්කමට සහභාගීවීම පිණිස අපි අට නමක් අබුඩාබියට වැඩම කළෙමු. උන්වහන්සේලා නම් හැව්ලොක්ටවුන්හි ඉසිපතනාරාම මහා විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත කිහිඹියේ විජිත හිමි, බම්බලපිටියේ වජිරාරාමවාසී තත් දහම් පාසලේ ප්‍රධානාචාර්ය පණ්ඩිත කඹුරුගමුවේ මහානාග හිමි, මුල්ලේරියාවේ අභිනවාරාමාධිපති පණ්ඩිත මුල්ලේරියාවේ චන්දසිරි හිමි, පණ්ඩිත බද්දේගම සෝභිත හිමි, පණ්ඩිත ආනන්ද චන්ද්‍රකීර්ති හිමි ආදි භික්ෂු පිරිසක් වූහ.

අබුඩාබියේ සිටින වර්තමාන තානාපතිතුමා බෞද්ධයෙකු නොවුවද එතුමාගෙන් බෞද්ධයනට ලැබුණ හා ලැබෙන සහයෝගය පින්දීමෙන් සිහිපත් කළ යුතුය.

 නවම් පුර අටවක පෝය 

 පෙබරවාරි 13 බදාදා
අපර භාග 10.08 ට ලබයි. 14 වන දා
බ්‍රහස්පතින්දා අපර භාග
07.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 14 වන දා බ්‍රහස්පතින්දා ය.

මී ළඟ පෝය
20 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 14

Full Moonපසෙලාස්වක

පෙබරවාර 20

Second Quarterඅව අටවක

පෙබරවාර 29

New Moonඅමාවක

මාර්තු 07

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]