UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

විදුදය මිතුරෝ මියගිය හිතවතුන්ට පින් පමුණුවති

ගංගොඩවිල ශ්‍රී ලංකා විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ උපාධි අධ්‍යාපනය ලබා, අද දක්වා මිය පරලොව ගිය සියලුම හිතමිතුරන්ට පින් අනුමෝදන් කිරීම අරමුණු කර ගත් සුවිශේෂ ආගමික වැඩ සටහනක් පැවැත්වීමට විදුදය මිතුරෝ 1965 – 1972 සංවිධානය කටයුතු කරයි.

මාර්තු මස 1 වන දින සවස 02 ට මහරගම පිළිකා රෝහලේ නේවාසික රෝගීන්ට කෑම බීම හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කට්ටලයක් බැගින් පරිත්‍යාග කිරීමෙන් එම පුණ්‍ය උත්සවය ආරම්භ වෙයි. අනතුරුව එදිනම සවස 6.00 ට අළුත්ගම කන්දේ විහාරයේ දී පුෂ්ප උපහාර පූජාවක් ද, පහන් ආලෝක පූජාවක් ද පවත්වා ඉන්පසු ගංගොඩවිල විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ එකට ගතකොට මිය පරලොව ගියා වූ සහෘදයන් සියලු දෙනාම ගෞරවයෙන් සිහිපත් කර පින් අනුමෝදන් කිරීමට කටයුතු කෙරේ. මේ පිළිබඳ තොරතුරු විදුදය මිතුරෝ සංවිධානයේ සම ලේකම් ලෙස්ලි ද සිල්වා සහ ලුවී කැටවල යන මහත්වරුන්ගෙන් ලබාගත හැකි ය. ලිපිනය විදුදය මිතුරෝ, අංක 200 , හැව්ලොක්පාර, කොළඹ, 05, ෆැක්ස් අංකය – 2556655, ලුවී කැටවල 0777 166665.

 නවම් පුර අටවක පෝය 

 පෙබරවාරි 13 බදාදා
අපර භාග 10.08 ට ලබයි. 14 වන දා
බ්‍රහස්පතින්දා අපර භාග
07.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 14 වන දා බ්‍රහස්පතින්දා ය.

මී ළඟ පෝය
20 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 14

Full Moonපසෙලාස්වක

පෙබරවාර 20

Second Quarterඅව අටවක

පෙබරවාර 29

New Moonඅමාවක

මාර්තු 07

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]