UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

 

බොදු පුවත් (ඡායාරූප)



හිඟුරක්ගොඩ සේනානායකාරාමාධිපති පොළොන්නරුව තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක ව වැඩ විසූ අපවත් වී වදාළ කුඹුක්කඩවල ශ්‍රී ධීරානන්ද නා හිමියන් ගේ ආදාහන පූජෝත්සවය ඉකුත් දා හිඟුරක්ගොඩ උදාගම් භූමියේ දී අතිවිශාල ගිහි පැවිදි සම්භාවනීය පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කැරිණි. එහිදී ශිෂ්‍ය හිමිවරු හා දායක පිරිස මතක වස්ත්‍ර පූජාව සිදු කර පුණ්‍යානුමෝදනාව සිදු කිරීමට සූදානම් වූ අවස්ථාව. සේයාරුව :- ආනන්ද පතිරාජ උතුරුමැද පළාත් වාර්තාකරු

කොළඹ ශ්‍රී කළ්‍යාණ ධර්ම සංවිධානයේ 49 වැනි වාර්ෂික පිරිත් පින්කම පසුගියදා කතරගම කිරිවෙහෙර අබියසදී පැවැත්විණි. වරාය සහ ගුවන් සේවා ඇමැති චමල් රාජපක්‍ෂ මහතා ඊට සහභාගි වූ අවස්ථාව. කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති ආචාර්ය අලුත්වැව සෝරත නා හිමියෝද සේයාරුවේ වෙති. ශ්‍රී කළ්‍යාණ ධර්ම සංවිධානයේ සාමාජික සාමාජිකාවෝ විශේෂ බෝධි පූජාවට සහභාගි වූහ. මිරිහානේ නන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි එම පින්කම සංවිධානය කැරිණි. බන්දුල අලහකෝන්

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර කටුම්බානි ඕස්ට්‍රේලියානු බෞද්ධ විහාරයීය ආරණ්‍ය සේනාසනාධිපති ශාස්ත්‍රවේදී කුඩාගල කෝවිද හිමියන් විසින් රචිත අසිරිමත් සම්බුදු සිරිත නම් කාව්‍ය සංග්‍රහය මහාචාර්ය ජේ.බී. දිසානායක මහතා වෙත පිළිගැන්වූ අවස්ථාව.

ලංකා ගමනා ගමන මණ්ඩලයට අවුරුදු 50 ක් සපිරීම නිමිත්තෙන් නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයේදී විශේෂ පුණ්‍ය මහෝත්සවයක් සිදු කැරිණි. එහිදී ත්‍රිවිධ හමුදාවටත් රජයටත් ලක්වැසි ජනතාවටත් සෙත් පතා පවත්වන ලද සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයෙන් පසුදා සපිරි කර සංඝගත දක්‍ෂිණාවක් ද පැවැත්විණි. නාරාහේන්පිට හත්බෝධි විහාරාධිකාරි ජනාධිපති පැවිදි අනුශාසක ගලගම ධර්මරංසි හිමියන් වෙත ලංගම සභාපති ටියුඩර් දයාරත්න මහතා අටපිරිකර පූජා කළ අයුරු. අමරසේන අහංගම නැගෙනහිර කොළඹ විශේෂ

මාතර මැද්දවත්ත ශ්‍රී නාගබෝධි රජ මහා විහාරස්ථානයේ වැල්ලේතොට පඤ්ඤදස්සී හිමි අනුස්මරණ පදනම මගින් ඉදිකරනු ලැබූ දෙමහල් ධර්ම ශාලාව සහිත වැඩිහිටි භික්ෂූ නිවාසය තායිවානයේ ප්‍රධාන සංඝනායක බෝදාගම චන්දිම නා හිමියන් විසින් විවෘත කරන ලදී. එම උත්සව සභාවට සහභාගි වූ කෝංගස්දෙනියේ ආනන්ද හිමි, කිරුලපනේ සරණංකර නා හිමි, අංගුන්නබදුල්ලේ ඥාණදස්සි හිමි සහ බෝදාගම චන්දිම නා හිමියෝ ද මෙහි වෙති.
මාතර මධ්‍යම ඒ.ඩබ්ලිව්. ගුණවර්ධන

පානදුර පිනිවල පාඨලිරුක්ඛාරාමයේ ඉපැරණි බෝධීන් වහන්සේ වටා ඉදිකරන ලද අට විසි බුදු මැඳුර සහ බෝධි ප්‍රාකාරය ඉකුත් පොහෝ දින විවෘත කැරිණි. බොල්ගොඩ සීලරතන හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ බෞද්ධ සමිතියේ මෙහෙයවීමෙන් හා ප්‍රදේශ වාසීන්ගේ ධන පරිත්‍යාගයෙන් එය ඉදි කැරිණි. තල්පිටියේ ඩබ්ලිව්. ඇම්. ඇන්. වී. විජේනායක වාද්දුව සංචාරක

මහතොළුබෑව - හිඳෝගම - ප්‍රබුද්ධ යෞවන සමාජය විසින් ප්‍රදේශ වාසීන්ගේ ද සහාය ඇතිව පෙර පාසල් දූ දරුවන්ගේ වන්දනාව සඳහා නව බුදු මැදුරක් ඉදිකරවන ලදී. එහි තැන්පත් කිරීමට බුද්ධ ප්‍රතිමා වහන්සේ පෙරහරින් වැඩම කළ අයුරු. හිඳෝගම සමූහ

 

දුරුතු
පුර අටවක

දුරුතු පුර අටවක පෝය
ජනවාරි 15 වන දා
අඟහරුවාදා අපර භාග 02.10 ට ලබයි.
16 වන දා බදාදා අපර භාග 12.18 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 15 වනදා අඟහරුවාදාය.


මීළඟ පෝය ජනවාරි 22 වනදා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 15

Full Moonපසෙලාස්වක

ජනවාරි 22

Second Quarterඅව අටවක

ජනවාරි 30

New Moonඅමාවක

පෙබරවාරි 06

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]