UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)
 

බොදු පුවත් (ඡායාරූප)

දෙවිනුවර පරම විචිත්‍රාරාම රාජ මහා විහාරස්ථානයේදී දරුවන් දෙදෙනකු පැවිදි කිරීමේ පින්කමක් පසු ගියදා සිදුකැරිණි. එහිදී වලස්මුල්ල ගල්වලහේන පී. චාමර මධුභාෂණ කුමරුවා වලස්මුල්ලේ සමිත හිමි නමින්ද වලස්මුල්ල මල්ගස්හේන ආර්. ජී. නවීන් සංජය කුමාර කුමරුවා වලස්මුල්ලේ විනීත හිමි යන නමින්ද සිරිසුනන්ද අනු නා හිමියන්ගේ සහ ශාස්ත්‍රවේදී දෙවිනුවර සුසීල යන හිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් සසුන් ගත වූහ. එම සාමණේර හිමිවරු දෙනමට සිය පියවරුන් විසින් ප්‍රථම අටපිරිකර පූජා කරණ අවස්ථාව දෙවිනුවර සිරි සුනන්ද අනුනාහිමියෝද මෙහි වෙති. ඡායාරූපය දෙවිනුවර විශේෂ ආරියදාස වීරනායක

ඓතිහාසික පඬුවස්නුවර රාජමහා විහාරාධිපති දේවමැදි හත්පත්තුවේ උප ප්‍රධාන සංඝනායක උයන්ගොඩ රතනසාර නාහිමියන් විසින් රචිත “ රණවිරු රණහඬ උපහාර කාව්‍ය සංග්‍රහයේ “ පිටපත් දහසක් රණවිරුවන් වෙත නොමිලයේ ලබාදී ඔවුන්ට ආශිර්වාද කිරීමේ පින්කමක් කුරුණෑගල බෝයගනේ විජයබා පාබල හමුදා මූලස්ථානයේදී පඬුවස්නුවර විහාරාධිපති නාහිමියන් විසින් සිදුකරනු ලැබීය. එහිදී පඬුවස්නුවර නාහිමියන් විසින් “ රණවිරු රණහඩ කාව්‍ය සංග්‍රහයේ පිටපත් රණවිරුවන් වෙත පිරිනමන අයුරුමෙහි දැක්වේ.
දුම්මලසූරිය සමූහ වාර්තාකරු ඒ. දසනායක

නාවලපිටිය කුරුදුවත්ත රුවන්පා පිරිවන හා බෞද්ධ මධ්‍යස්ථානාධිපති විශ්‍රාමික ගුරු උපදේශක මාවතුපොල අනුරුද්ධ හිමියන්ගේ හා ගඟ ඉහළකෝරළේ ශාසනාරක්‍ෂක බල මණ්ඩලය ලේඛකාධිකාරි විශ්‍රාමික විදුහල්පති අටබාගේ පියනන්ද හිමියන්ගේ ආචාර්යත්වයෙන් කරගල නාමල් පි‍්‍රයන්ත කුමරු ගලත නාරදහිමි නමින්ද පුහුල්හේන සංගීත් පි‍්‍රයසංක කුමරු පුහුල්හේන කුමාර කාස්සප හිමි නමින්ද පසුගියදා පැවිදි බිමට පත්වූහ.
ගග ඉහළකොරළේ සමූහ ජේ. ජේ. විජේසිංහ

තලම්පිටියේ සුගතසිරි හිමියන්ගේ අනුශාසකත්වයෙන් හා උඩුනුවර ධම්මතිලක නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් හා උපාධ්‍යායත්වයෙන් ද නාරම්බැද්දේ සීලවිමල , ලබුනෝරුවේ ඤාණතිලක සියඹලංගමුවේද ධම්මසිරි හා ගබ්බල පඥ්ඥාසාර යන හිමිවරුන්ගේ ආචාර්යත්වයෙන්, ඉකුත් දා දරුවන් පස්දෙනකු මාතව ශ්‍රී සුගතරාමයේදී සසුන් ගත කෙරිණ. ඒ. නිපුන් සංගීත් මධුසංක කුමරු - හේවාදිවල රතනසිරි හිමි නමින්ද ඊ. ගයාන් ප්‍රේමතිලක කුමරු - හේවාදිවල සිරිසුමන හිමි නමින්ද ඊ. රචිත ජනරංජන විජේරත්න කුමරු - හේවාදිවල ඥාණසිරි හිමි නමින්ද ඩබ්.ඒ. දිනාල් මධුරංග කුමරු- හේවාදිවල සිරිවංශ හිමි නමින්ද ඒ. සහන් රශ්මික නිමල් ආනන්ද කුමරු - හේවාදිවල සංඝරතන හිමි නමින්ද එසේ සසුන් ගත වූහ.
ඩබ්ලිව්. ඇන්.බී. සරත් ධර්මසිරි

කුස්වල මරණාධාර සහ සුබ සාධක සමිතියේ 30 වෙනි සංවත්සරය පසුගියදා කුස්වල කනිටු විදුහලේදී පැවැත්විණි. එම සමිතියේ වසර 10 කට වැඩි කලක් සභාපති ධූරය ඉසුලූ කුස්වල පුෂ්පාරාමාධිපති මහඇලගමුවේ ලංකානන්ද හිමියන්ට දසවසර සමරු තිළිණය කටාන ප්‍රාදේශීය සභාවේ සභාපති පී. ලීලානන්ද සිල්වා මහතා පිළිගැන්වූ අවස්ථාව. රද්දොළුව මීසම පාගක ගම්පහ අතිරේක දිසාපති ප්‍රභාත් ලක්ෂ්මන් විජේතුංග හා සුභ සාධක සමිතියේ නව සභාපති ජයන්ත විජේතුංග යන මහත්වරුද මෙහි වෙති. සීදුව සමූහ නිශ්ශංක පියරත්න

බෙන්තොට බල මණ්ඩලයේ දහම් පාසල් දහම් දැනුම තරගයේ ප්‍රථම ස්ථානය හිමි කරගත් බෙන්තොට උඩකොටුව ශ්‍රී සෝමාරාම දහම් පාසැලේ 9 වසරේ චාරුකි විජේසූරිය ශිෂ්‍යාව, සම්පත් බැංකුවේ කලමනාකාර අධ්‍යක්‍ෂ අශෝක මැනික්ගොඩ මහතා අතින් ත්‍යාග ලබාගත් අවස්ථාව.

අමරපුර සිරිසුමන මහා නිකායේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක සහ මහාලේඛකාධිකාරි බූස්ස ශ්‍රී සුදර්ශනාරාමය ගාල්ල තෙන්කල්ලාගොඩ ශ්‍රී සුභද්‍රාරාමය බූස්ස රත්න උදාගම ශ්‍රී ශෛලතලාරාමය යන විහාරත්‍රයාධිපති සද්ධර්මවාගීශ්වර ප්‍රවචන කීර්ති ශ්‍රී “දේශකීර්ති “ පරිසරික හා ජනමාධ්‍යවේදී ප්‍රවීණාචාර්ය රජ්ගම තිලකසිරි අධිකරණ නා හිමියන් වෙත ශ්‍රී ලංකා විශ්ව සමාධි පදනම මගින් “ ත්‍රිපිටක විභූෂණ ශාස්ත්‍ර විශාරද පණ්ඩිත “ යන ගෞරව නාමය පිරිනමා ඇත. එහිදී කිරුළපනේ ශ්‍රී සෝමානන්ද අනු නාහිමියන් වෙතින් උන්වහන්සේ ගෞරව නාමය සහිත සන්නස් පත්‍රය ලබාගත් අවස්ථාව.

සෙංකඩගල එක්සත් බෞද්ධ බල මණ්ඩල ස්වර්ණ ජයන්ති සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා විසින් එම සංගමයේ ප්‍රථම සාමාජික බී.හේරත් මහතා වෙත ස්වර්ණ ජයන්ති සැමරුම් සිහිවටනය පිරිනැමූ අවස්ථාව .
ඒ.එම්. ටී. අබේරත්න උඩුනුවර ඡායාරූප

 

උඳුවප්

අමාවක

උඳුවප් අමාවක පෝය ජනවාරි 07 වන දා සඳුදා අපරභාග 03.56 ට ලබයි. 08 වන දා අඟහරුවාදා අපරභාග 05.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි
07 වනදා සඳුදාය.
 

මීළඟ පෝය ජනවාරි
15 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 07

First Quarterපුර අටවක

ජනවාරි 15

Full Moonපසෙලාස්වක

ජනවාරි 22

Second Quarterඅව අටවක

ජනවාරි 30

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]