UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ 4 වන වාර්ෂික මහා සම්මේලනය

“අපි සියලු දෙනාම එකයි” යන තේමාව යටතේ ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ සිව් වන වාර්ෂික මහ සම්මේලනය තායිලන්තයේ බැංකොක් නුවර වට් පාරා ධම්මකාය විහාරස්ථානයේ දී දෙසැම්බර් 12 වන දා සිට 17 වන දින දක්වා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

මාදුළුවාවේ සෝභිත හිමියන් ඇතුළු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 150 කට අධික මහා සංඝ රත්නය එම අවස්ථාවට සහභාගි වූහ.

ඇමරිකාව, එංගලන්තය, භූතානය, මියන්මාරය, ඕස්ට්‍රේලියාව, තායිවානය, ජපානය, මොන්ගෝලියාව, කාම්බෝජය, ලාඕස්, බංගලා දේශය යන රටවල බෞද්ධ මහා සංඝරත්නය ද එම අවස්ථාවට සහභාගි වුහ.

එම සම්මේලනයේ දී ඉදිරි වසර සඳහා ශ්‍රී ලංකාවෙන්, මහ ලේකම් වශයෙන් - මුගුණුවෙල අනුරුද්ධ හිමි, නියෝජ්‍ය ලේකම් - රඹුක්වැල්ලේ ධම්මරක්ඛිත හිමි (පොළොන්නරුව), භාණ්ඩාගාරික - කලවානේ කුමාර කෂ්‍යප හිමි (කුරුණෑගල), විධායක සභාවට - ලක්ෂපාන චන්දිවිමල හිමි (මාතර), දිසාකඩුවේ සෝමානන්ද හිමි (කළුතර), තලගල ධම්මවංශ හිමි (බෙලිඅත්ත) යන හිමිවරු පත් කැරිණි.

ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ ගිහි දායක සභාවේ සභාපති ලෙස ශ්‍රී ලංකාවේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය රෝහණ දිසානායක මහතා තේරී පත්විය.

පස්වන ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ වාර්ෂික සම්මේලනය ඕස්ට්‍රේලියාවේ ටස්මේනියාවේ දී පැවැත්වීමට තීරණය විය.

උඳුවප්

අමාවක

උඳුවප් අමාවක පෝය ජනවාරි 07 වන දා සඳුදා අපරභාග 03.56 ට ලබයි. 08 වන දා අඟහරුවාදා අපරභාග 05.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි
07 වනදා සඳුදාය.
 

මීළඟ පෝය ජනවාරි
15 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 07

First Quarterපුර අටවක

ජනවාරි 15

Full Moonපසෙලාස්වක

ජනවාරි 22

Second Quarterඅව අටවක

ජනවාරි 30

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]