UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අම්පිටියේ චන්දජෝති හිමියන්ගෙන් ප්‍රසාද පූජාවක් 6 වනදා

මහනුවර මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමිපාණන් විසින්, මල්වතු මහා විහාර පාර්ශ්වයේ විංශත් වර්ගික කාරක මහා සංඝ සභාවේ කාරක සභික ධූරයට පත්කරනු ලැබූ යටිනුවර රණවන පුරාණ විහාරාධිපති අම්පිටියේ චන්දජෝති හිමියන් විසින් මල්වතු මහ නාහිමි අනුනාහිමි ප්‍රධාන කාරක මහා සංඝ සභාව වෙත ජනවාරි මස හයවෙනිදින ප්‍රසාද පූජාවක් පවත්වනු ඇත.

මල්වතු මහා විහාරයීය කාරක මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරි මල්වතු මහා විහාරාධිවාසි ශාස්ත්‍රවේදී පණ්ඩිත දිඹුල්කුඹුරේ විමලධර්ම නාහිමියන්ගේ ශිෂ්‍යරත්නයක් වූ අම්පිටියේ චන්දජෝති හිමියන් 1992 මල්වතු මහා විහාරයේ කර්මාචාර්ය ධූරයට පත් විය. රණවන පුරාණ විහාරයේ ශ්‍රී විමලඤාණ දහම් පාසල 1984 දී ආරම්භ කර එහි ප්‍රධානාචාර්ය වශයෙන් පාසලේ ධර්ම අධ්‍යාපන තත්වය දියුණු කිරීමෙහිලා මූලික වූ අතර, රණවන පුරාණ විහාරය වත්මන් තත්ත්වයේ ශාසනික හා ආගමික අතින් දියුණු අංග සම්පූර්ණ සිද්ධස්ථානයක් බවට පත් කිරීමට මූලික විය.

මල්වතු මහා විහාර පාර්ශ්වය වෙනුවෙන් හය වතාවක් ශ්‍රී දළදා සමිඳු වෙනුවෙන් තේවාව පැවැත්වීම ශ්‍රී දළදා සමිඳු උදෙසා ස්වර්ණමය ආසන පූජාව දළදාතේවාව වෙනුවෙන් සිවුරු කට්ටල පූජාව, මියන්මාර් රජයේ දානපතියෙකුගේ අනුග්‍රහය ඇතිව විජිනි පත සහ චාමරයක් ශ්‍රී දළදා සමිදු උදෙසා පූජා කිරීම , ශ්‍රී දළදා සමිදු තේවාව බාරව වැඩසිටි අවස්ථාවන් තුනකදී ශ්‍රී දළදා සමිඳු ප්‍රදර්ශන තුනකට සහභාගි වීම, වැනි උදාර ශාසනික මෙහෙවරක් ශ්‍රී දළදා මාලිගාවේ වැඩ සිට රණවන චන්දජෝති හිමිපාණන් ඉටු කරන ලද්දේ එවකට මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක පදවිය හෙබවූ අපවත් වී වදාළ රඹුක්වැල්ලේ ශ්‍රී ධර්ම රක්ෂිත විපස්සී මහා නාහිමියන්ගේ අනුශාසනා පරිදිය.

උඳුවප්
අව අටවක


උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 31 වැනිදා සඳුදා පූර්ව භාග 00.28 ට ලබයි. 2008 ජනවාරි 01 වනදා අඟහරුවාදා පූර්ව භාග 02.28 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර්
31 වැනිදා සඳුදාය.
 

මීළඟ පෝය 2008 ජනවාරි 07 වැනිදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 31

New Moonඅමාවක

ජනවාරි 07

First Quarterපුර අටවක

ජනවාරි 15

Full Moonපසෙලාස්වක

ජනවාරි 22

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]