UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

චීන සත්‍ය බෞද්ධ කථා

නිදහස් ජීවන මත්ස්‍ය තටාකය

චෙකියාං හි තියන්ටායි (TIENTAI) මහා කඳුවැටියේ ගිරි ශිඛර කාලවර්ණයෙන් හා හරිත වර්ණයෙන් දීප්තිමත්ව බැබලෙයි. දේශයට ආභරණයක් බඳු කඩතුරාවක සිරි උසුලන එහි ආස්වාදය විඳීමට බොහෝ දුර බැහැර ප්‍රදේශවල සිට විනෝදකාමී වූ එති.

මේ ශෝභාසම්පන්න කඳු වැටියේ වර්ෂ දහස් ගණනක් තිස්සේ ගොඩනැඟුණු බෞද්ධ සිද්ධස්ථාන රාශියෙකි. එයින් එක් විශාලම සිද්ධස්ථානයක අධිපතිකම දරන්නේ චිහියි (CHIHIYI) නමැත්තෙකි. ක්‍රි.ව. 539 සිට 597 දක්වා කාලයෙහි ඔහු ජීවත්ව සිටියේ ය. මහා ප්‍රාඥයකු වූ එතුමාට සුයිඅධිරාජ පරපුරේ යැං අධිරාජයා විසින් මහාචාර්ය (WISE MASTER) යන ගෞරව සම්මානය ප්‍රදානය කරනු ලැබී ය. ඒ මහා ප්‍රාඥයා තවමත් (WISE MASTER) මහාචාර්ය යනුවෙන්ම හඳුන්වනු ලබන්නේ එතුමාගේ ඒ මහ බුද්ධි බලය හේතුවෙනි.

එසමයේ ජනතාව ඉතා කෲර ලෙස ජීවිකාව කරගෙන යනු දැකීම මහාචාර්යවරයාට මහත්සේ වේදනා දෙන කරුණක් විය. විශේෂයෙන් ම මිනිස්සු තමාට ආහාරය පිණිස යමක් අවශ්‍ය වූ විට දකින ඕනෑම සතෙක් මරා ආහාරයට ගන්නා බව ඔහු දුටුවේ ය. මේ සඳහා යමක් කළ යුතුයයි ඔහු නිගමනය කෙළේ ය. එසේ වූවත් කළ යුත්තේ කුමක්ද? කළ හැක්කේ කුමක්ද? භික්‍ෂූන් වහන්සේලා ධනවත්තු නොවෙති. මේ නිසා මේ මහාචාර්යවරයාට තමා විසින් අරමුණු කරන ලද සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සිඟායාමට සිදුවිය. වර්ෂ ගණනක් තිස්සේ කරන ලද සිඟමනේ ප්‍රතිඵල වශයෙන් ව්‍යාපෘතියට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සොයා ගත් මහාචාර්යවරයා ඉඩමක් මිලයට ගෙන ශ්‍රමිකයින් යොදවා විශාල පොකුණක් ඉදිකිරීම ආරම්භ කෙළේ ය.

මෙය දුටු මිනිස්සු ඔහුට සිනාසෙන්ට වූහ. සමහරු ඔහු වංචාකාරයෙකැයි චෝදනා කළහ. මහාචාර්යවරයා මහා දූරදර්ශී ප්‍රඥයකු වූ බැවින් මිනිසුන්ගේ සිනාසීම්වත් චෝදනාවත් ගණනට ගත්තේ නැත. එතුමා පොකුණ කැණීමේ කටයුතු නොනවත්වාම දිගටම කරගෙන ගියේ ය.

පොකුණ කැණීමෙහි නිරතවන කම්කරුවන්ගේ විවේක වේලාවන් හි දී ඔවුන්ට බුද්ධාගම පිළිබඳ කරුණු කාරණා කියාදීමට ඔහු උනන්දු විය. එතුමා සූත්‍රපිටකයේ දේශනා (WISE MASTER) (THE HOLY BOOKS OF BUDDHIST) කියන්නේ සියලුම ජීවී ප්‍රාණීන්ට බුද්ධ ස්වභාවයට පත් විය හැකි බව ය. ඔබ මත්ස්‍යයක හෝ කකුළුවකු හෝ ගැනම පමණක් නොසිතන්න. මන්ද යම් දිනක ඔවුන්ට ද බුද්ධත්වය ලැබීමට අවස්ථාව එළැඹිය හැකි බැවිනි. සියලුම මෘග වංශ බුද්ධාංකුර අවස්ථාවට යටත් ය. යමෙක් යම් ප්‍රාණඝාතයක්, සිව්පාවකු හෝ වෙනයම් සතකු හෝ නසන්නේ ද අප ඔහුගේ ආත්මය ගැන කල්පනා කළ යුතු ය. මත්ස්‍යයකු මරනු දුටු තවත් මත්ස්‍යයකුට එය ඛේදවාචයකයි. කවර සතකුට වුවද තම රැහේ සතකු මරණ විට ස්වභාවිකවම මරණ බිය ඇතිවේ. ඔබ මත්ස්‍යයකු හෝ පණ ඇති වෙනත් සතකු හෝ මරන විට ඒ හැඟීම ඔබටත් ඇති නොවන්නේ ද?

මහාචාර්යවරයා පිරිසට අවධාරණය කෙළේ තමා මේ පොකුණ නිම කරන්නේ කවරකුට හෝ පණ පිටින් මත්ස්‍යයකු කකුළුවකු හෝ ඉදිබුවකු ලැබුණහොත් ඒ ප්‍රාණියාට නිදහසේ බියෙන් සැකෙන් තොරව ජීවත්වීමට අවස්ථාව උදාකර දීමේ අදහසින් බව ය. එමනිසා මේ පොකුණ නිදහසේ ජීවන පොකුණ යනුවෙන් තමා නම් කරන බවද දැක්වීය.

පොකුණු කර්මාන්තයෙහි නිරත වූවෝ කාර්යය නිමාකොට විසිර ගියහ. මහාචාර්යවරයා හාස්‍යයට ලක්කළ අය තමා මෙතෙක් එල්බ සිටි වැරදි නිගමනය ගැන මහත්සේ කණගාටු වූහ.

ප්‍රදේශයේ පිහිටි අනෙක් සිද්ධස්ථාන ද මහාචාර්යවරයා අනුගමනය කරමින් තම තමන්ගේ සිද්ධස්ථානවල නිදහස් තටාක අරඹා මත්ස්‍ය වර්ගයා අභය දානය දීමේ දැවැන්ත ක්‍රියාවලියක් දේශය පුරා ව්‍යාප්ත කරන ලදී.

චීනයේ බෞද්ධ සිද්ධස්ථාන දැක වැඳ ගැනීමේ අවස්ථාවක් කෙදිනක හෝ ඔබට ලැබුණහොත්, නොවරදවාම එහි ඇති නිදහස් ජීවන පොකුණ දැක බලා ගැනීමට ඔබට ද හැකිවනු ඇත.

එහි නිදහස් ලෙස ජීවත්වන මත්ස්‍ය කකුළු ඉදිබු ආදී ප්‍රාණීන්ට ආරක්‍ෂාව අනිවාර්යව සැපයේ. ඔවුහු පී‍්‍රතියෙන් යුතුව සැකයෙන් හා බියෙන් තොරව ජීවත් වෙති. එහෙත් තමාට මේ භාග්‍ය උදාකරදීමට මඟ පෑදුවේ ඒ පොකුණු වල නිර්මාතෘ මහාචාර්යවරයා බව මත්ස්‍යයෝ නොදනිති. එහෙත් ඒ ස්වර්ණමය පුවත ස්වර්ණක්‍ෂරයෙන් චීන බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.

THE LOVE OF LIFE අනුග්‍රහයෙනි.

උඳුවප්
අව අටවක


උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 31 වැනිදා සඳුදා පූර්ව භාග 00.28 ට ලබයි. 2008 ජනවාරි 01 වනදා අඟහරුවාදා පූර්ව භාග 02.28 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර්
31 වැනිදා සඳුදාය.
 

මීළඟ පෝය 2008 ජනවාරි 07 වැනිදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 31

New Moonඅමාවක

ජනවාරි 07

First Quarterපුර අටවක

ජනවාරි 15

Full Moonපසෙලාස්වක

ජනවාරි 22

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]