UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

දක්ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක ධූරයෙන් පිදුම් ලද පල්ලත්තර ශ්‍රී සුමනජෝති නා හිමියන් වෙත ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ගෞරව තිළිණයක් පිරිනැමූ අවස්ථාව, එම උත්සවය අරලියගහ මන්දිරයේදී පැවැති අතර ඊට සහභාගී වූ මහා සංඝරත්නය, ඇතුළු ඇමැතිවරු හා දායක පිරිස් මෙහි වෙති.
සේයාරුව :- සුදත් සිල්වා

ඓතිහාසික ඉඩම් ප‍්‍රතිසංස්කරණ පනතේ නිර්මාතෘවර හිටපු කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍ය දිවංගත හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ 24 වන ගුණසමරුව නිමිත්තෙන් එතුමාට පින් අනුමෝදනා කිරීම සඳහා පිළිමතලාව ඌරාපොල ශ්‍රී ධර්මාලෝක අභයරාජ පිරිවෙන් විහාරස්ථානයේ පැවැති සංඝගත දක්‍ෂිණාවේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා යටිනුවර ප‍්‍රධාන සංඝනායක කහගල ධම්මරක්ඛිත නා හිමියන්ට අටපිරිකර පූජා කළ අයුරු
ඡායාරූපය – පි‍්‍රයන්ජිත් ප‍්‍රනාන්දු

දඹදෙණිය රජමහා විහාරයේ ඇසළ පෙරහර නිමිත්තෙන් ආලෝක පූජාව ස්වදේශී කර්මාන්තායතනය මගින් හය වැනි වරටත් පැවැත්විණි. එම විදුලි ආලෝකයෙන් දඹදෙණිය රජමහා විහාරය උත්සවාකාරයෙන් ආලෝකවත් වූ අතර එම අවස්ථාවට ස්වදේශී කර්මාන්තායතනයේ සභාපති අමරි විජේවර්ධන මහත්මිය ද සහභාගි වූවාය. දඹදෙණිය රජමහා විහාරාධිපති, නාරන්ගොඩ සිරිනිවාස හිමි, ස්වදේශී ආයතනයේ වෙළද කළමනාකරු චමින්ද එස්. ජයසිංහ ආරච්චි ස්වදේශී ආයතනයේ ආනන්ද සෝම හා ලලිත් ඩයස් යන මහත්වරු ද මෙහි වෙති.

අනුරාධපුර රුවන්මැලි සෑ විහාරස්ථානයේ පැවැති වාර්ෂික මහා පින්කම සඳහා මහා සංඝරත්නය වැඩම කළ අයුරු සහ උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහතා ප‍්‍රධාන පිරිස ඒ සඳහා මහා සඟරුවන පෙර දැරි කොට ගමන් කළ අයුරු.
ඡායාරූපය - වෝල්ටර් දයාරත්න, (අනුරාධපුර දිසා විශේෂ.)

කථානායක වි.ජ.මු. ලොකු බණ්ඩාර මහතා නේපාලයේ ලුම්බිණී පුණ්‍ය භූමිය වැඳ පුදා ගැනීමට ගිය අවස්ථාවේදී එහිදී ශ්‍රී ලාංකික වන්දනා පිරිසක් සමග සේයාරුවකට පෙනී සිටි අවස්ථාව
සේයාරුව :- බුලුගහපිටියේ පී. සිරිවර්ධන ආරච්චි

 

 

බිනර පුර පසළොස්වක

බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 26 වන දා බදාදා පූර්ව භාග 04.28 ට ලබයි.
27 වන දා බ‍්‍රහස්පතින්දා පූර්ව භාග 01.14 දක්වා
පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 26 වන දා බදාදාය.

මීළඟ පෝය ඔක්තෝබර්
03 වන දා බදාදාය
.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 26

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 03

New Moonඅමාවක

ඔක්තෝබර් 10

First Quarterපුර අටවක

ඔක්තෝබර් 19

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]