UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ධර්ම දේශනාව:

මවු පිය ගුණ

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
යො මාතරංවා පිතරංවා
ජිණ්ණකං ගතයොබ්බනං
පහුසන්තො න භරති
තං ජඤ්ඤා වසලො ඉති - වසල සූත‍්‍රය

 

පින්වත්නි, මේ ගාථාවේ අර්ථය විමසා බලමු.

යො - යමෙක්
පහසන්තො - බොහෝ ධන ධාන්‍ය ඇත්තේ
ජිණ්ණකං - ජරපත් වූ
ගතයොබ්බනං - යෞවන බව ඉක්ම ගිය
මාතරංවා - මව හෝ
පිතරං වා - පියා හෝ
න භරති - පෝෂණය නොකෙරේද
තං - ඔහු
වසලො ඉති - වසලයෙකැයි
ජඤ්ඤා - දත යුතුය

මේ අනුව යමෙක් බොහෝ සම්පත් ඇතිව සිටියදී වෘද්ධ බවට පැමිණි දෙමාපියන් පෝෂණය නොකෙරේද? ආරක්ෂා නොකෙරේ ද? ඔහු වසලයෙක් වන බව මේ ගාථාවෙහි විග‍්‍රහ වෙනවා. බුදුරජාණන් වහන්සේ තරම් මවුපිය අගය, වටිනාකම ධර්මානුකූලව විග‍්‍රහ කළ තවත් ශාස්තෘවරයෙක් ලෝකයේ ඇත්දැයි අපට සැක සිතෙනවා. තමන් වහන්සේ දේශනාවෙන් පමණක් නොව තමන් බිහි කළ මහාමායා දෙවඟන සොයා ගොස් අබිදම් දෙසුම කරමින්ද පියා වු “ශුද්ධෝදන” රජු වෙත පැමිණ දම් දෙසා සසරින් මුදවමින් ද, කිරි පොවා පෝෂණය කළ “ ප‍්‍රජාපතී ගෝතමිය වෙත භික්‍ෂුණි සමාජය උරුම කොට සසරින් එතෙර කරවමින් ද ආදර්ශයෙන් ම තම වගකීම ඉටු කොට වදාළහ.

ඉතිරිය»

බිනර පුර පසළොස්වක

බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 26 වන දා බදාදා පූර්ව භාග 04.28 ට ලබයි.
27 වන දා බ‍්‍රහස්පතින්දා පූර්ව භාග 01.14 දක්වා
පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 26 වන දා බදාදාය.

මීළඟ පෝය ඔක්තෝබර්
03 වන දා බදාදාය
.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 26

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 03

New Moonඅමාවක

ඔක්තෝබර් 10

First Quarterපුර අටවක

ඔක්තෝබර් 19


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]