UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බිනර පෝදා පින්කම්

රුවන්වැලි මහ සෑ රදුන් අබියස පින්කම්

බෝගහකුඹුර උඩකිරින්ද වැලිමඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ශාසන හිත ශ‍්‍රාවක සමිතිය මෙහෙයවීමෙන් ති‍්‍රවිධ හමුදා රණවිරුවන්ටත්, පොලිස් නිලධාරීන්ටත් ලක්වැසි සැමටත් ආශීර්වාද කිරීම හා සටන් බිමේදී දිවි පිදූ රණවිරුවන්ටත්, ත‍්‍රස්තවාදී උවදුරෙන් මියගිය සැමට පින් පිණිසත් මෙම 25, 26, 27 යන දිනවල අනුරාධපුර රුවන්වැලි මහ සෑ රදුන් අබියස දී පැවැත්වේ

කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ මෙහෙයවීමෙන් කළුතර බෝධි පරිශ‍්‍රයේදී බිනර පෝදා දවස පුරා පින්කම් මාලාවක් පැවැත්වේ.

එදින (26) පෙරවරු 6.30 - 7. 30 සීල සමාදානය තෙරුවන් වන්දනාව පොතුපිටියේ චන්දානන්ද හිමි. 8 - 9.45 භාවනා වැඩ සටහන මෙහෙයවීම පාදුක්කේ සද්ධාධජ හිමි 10 - 11.30 දහම් දෙසුම මාලිම්බඩ පඤ්ඤාසාර හිමි. 11.35 අභයදාන පින්කම පිළිබඳ අනුශාසනය පළාතොට පඤ්ඤානන්ද හිමි . පස්වරු 1 - 2.30 දහම් දෙසුම පුවක්පිටියේ මෙත්තානන්ද නාහිමි. 3 - 4.30 දහම් දෙසුම අග‍්‍රහැරේ කස්සප හිමි. 5 - 6.30 දහම් දෙසුම ඉ¼ගුරුවත්තේ පියනන්ද මහ නාහිමි 7 සිට කේ. පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව.

වැල්ලවත්තේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

වැල්ලවත්තේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී බිනර පෝදා දවස පුරා පින්කම් රැසක් සිදු කැරේ. එදින පෙරවරු 6 - 7 සීල සමාදානය හා අනුශාසනාව මහරගම මහින්ද හිමි. 8 - 9 දහම් දෙසුම කොටුගොඩ ධම්මාවාස අනුනාහිමි , 10 - 11 දේශනය රණවීර ආරච්චිගේ මහතා 11 බුද්ධ පූජාව මධ්‍යාහන 12 - පස්වරු 1 පිරිත් සජ්ක්‍ධායනය 1- 2.30 භාවනා දේශනය, ගාමිණී පි‍්‍රයන්ත මහතා 3 - 4 දහම් දෙසුම ලේල්වල තපස්සි හිමි, 4 - 5 දහම් දෙසුම බොරැල්ලේ අතුල නාහිමි. 5 - 5.30 බුද්ධ පූජාව

කුප්පියාවත්ත ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්ත ජයශේඛරාරාමාධිපති තලල්ලේ මහින්ද නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් බිනර පෝය දින දවස පුරා ආගමික වතාවත් පැවැත්වේ. එදින පෙරවරු 6.00- 6.30 ශීල සමාදානය හා අනුශාසනාව විහාරාධිකාරී රජවත්තේ වප්ප නාහිමි, 7 –7.30 තලල්ලේ මහින්ද නාහිමි මෙහෙයවන සම්බුද්ධ පූජාව, 8 – 9 රජවත්තේ වප්ප නාහිමි මෙහෙයවන භාවනා වැඩසටහන, 9 – 10 කොරොස්සේ මහින්ද නාහිමියන්ගේ ධර්ම දේශනය, 10.15 – 11 තලලලේ මහින්ද නාහිමියන් මෙහෙයවන බුද්ධ පූජාව 12.30, 1.30 පිරිත් දේශනය, තලල්ලේ මහින්ද නාහිමියන් මෙහෙයවන භාවනා වැඩසටහන, 3.15 – 4.15 තලල්ලේ ධම්මදේව නාහිමියන්ගේ ධර්මදේශනය, 4.15 – 5.15 ගලිගමුවේ ඥානාර්ථ හිමියන් මෙහෙයවන ධර්ම සාකච්ඡාව, 5.15 – 6.15 දළුගම සමිත හිමියන්ගේ ධර්ම දේශනය, 7 – 7.45 ගැට්ටුවානේ සුමේධ හිමියන් මෙහෙයවන ගිලන්පස බුද්ධ පූජාව.

කොළඹ තරුණ බෞද්ධ සංගමය

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ දී බිනර පෝදා පැවැත්වෙන ආගමික වැඩසටහන් මෙසේ ය. එදින පෙරවරු 6 – 7.30 සීල සමාදානය හා මෛතී‍්‍ර භාවනා මෙහෙයවීම මොරවක ශාන්ත හිමි, 8 – 9.30 භාවනාව මෙහෙයවීම උතුරාවල ධම්මරතන හිමි, 9.30 – 10.30 දහම් දෙසුම මඩවල ධම්මික ජිනවංශ හිමි, 11 බුද්ධ පූජාව, 12 – පස්වරු, පිරිත් සජ්ඣායනය 1 – 2 දහම් දෙසුම මෙදේරිපිටියේ චන්ද්‍රවංශ හිමි, 2 – 3 බෞද්ධ කතාව කේ.කේ. සුගතපාල මහතා 3.15 – 4.15 ධර්ම සාකච්ඡාව කලුගහකදුරේ වජිර හිමි, 4.45 – 5.45 දහම් දෙසුම තලල්ලේ ධම්මික හිමි.

මාතර තරුණ බෞද්ධ සමිතිය

මාතර තරුණ බෞද්ධ සමිතියේදී බිනර පෝදා දවස පුරා පින්කම් මාලාවක් පැවැත්වේ. එදින පෙරවරු 6.05 සීල සමාදානය හා බුද්ධ පූජාව මලිදුව අස්සජි හිමි, 9.30 විදර්ශනා මාර්ගය කම්මට්ඨාචාරිනී චන්ද්‍රා රණතුංග මාතාව , පස්වරු 12.30 පුන් පෝදා සීල සමාදාන හමුව මාටින් ජයවර්ධන මහතා මෙහෙයවති. “ බුදුසරණ” පුවත්පත බෙදා දීමද සිදු කැරේ. පස්වරු 1 ඌරුමුත්තේ සෝමරතන නාහිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් සෙත් පිරිත් සජ්ක්‍ධායනාව 2 ධර්ම සාකච්ඡාව මෙහෙයවීම වලස්ගල පඤ්ඤාසිරි හිමි. 4 ධම්මපද දේශනාව පැලෑනේ සුවිනීත හිමි. 5 විශේෂ ධර්ම දේශනය දෙහිගස්පේ පේමසිරි හිමි.

ගැටඹේ සුධර්මාරාමය

මහනුවර ගැටඹේ ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරයේදී වස් කාලය පුරා සෑම දිනකම සවස පැයක පමණ පිරිත් දේශනාවක් හා සෙනසුරාදා සහ පෝය දින සවස 6.30 - 7.30 උඩවෙල සුමංගල හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් බෝධි පූජාවක් පැවැත්වේ. එහි දායකත්වය ලේක්හවුස් අලෙවි නියෝජිත ඩී. පී. සිරිවර්ධන ආයතනයේ ඒ.ඩී. විපුල සමරක්කොඩි මහතා උසුලයි.

බිනර පුර පසළොස්වක

බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 26 වන දා බදාදා පූර්ව භාග 04.28 ට ලබයි.
27 වන දා බ‍්‍රහස්පතින්දා පූර්ව භාග 01.14 දක්වා
පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 26 වන දා බදාදාය.

මීළඟ පෝය ඔක්තෝබර්
03 වන දා බදාදාය
.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 26

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 03

New Moonඅමාවක

ඔක්තෝබර් 10

First Quarterපුර අටවක

ඔක්තෝබර් 19

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]