UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කෝට්ටේ රජ මහා විහාරයේ පෙරහර

ඓතිහාසික ශ්‍රී ජයවර්ධපුර කෝට්ටේ රජමහා විහාරය මගින් පවත්වන ශ්‍රී දළදා මහ පෙරහර 15 වැනිදා (සෙනසුරාදා) පැවැත්වේ.

පසුගිය 3 වැනි දින රාතී‍්‍ර පැවැති පරිත‍්‍රාණ ධර්ම දේශණාවකින් එම පෙරහර උත්සවය ආරම්භ වූ අතර 5 වැනි දින යෙදුන සුබ මොහොතින් කප් සිටුවනු ලැබීය.

පළමු තේවාව 6 වැනි සිකුරාදා ඇරඹීමෙන් පසු 7 වැනි දින දක්වා පැවැත්විනි. සෙනසුරාදා කුඹල් පෙරහරද 9 වැනි ඉරිදා සිට 11 වැනි දින දක්වා මල් පෙරහර ද පැවැත්වේ.

පාවඩ පෙරහර 12 වැනි දින රාති‍්‍ර ආරම්භ වේ.

වීදි පෙරහර 13 වැනි දින රාති‍්‍ර පැවැත්වෙන අතර 14 වැනි දින රාති‍්‍ර රන්දෝලි පෙරහර පැවැත්වීමට නියමිතයි.

15 වැනි දින රාති‍්‍ර පැවැත්වෙන අවසාන දළදා මහා පෙරහරට සතර දේවාලයන්හි පෙරහරද සම්බන්ධවන බව කෝට්ටේ රජ මහා විහාරාධිපති අළුත්නුවර අනුරුද්ධ නා හිමියෝ පැවසූහ. උඩ, පහත දෙරට හා සබරගමු සම්ප‍්‍රදායන් ඇතුලත් සංස්කෘතිකාංගද සමග සියලුම පෙරහර අංගයන්ද 50 කට ආසන්න අලි ඇතුන් රැසක්ද මෙවර පෙරහර ට සහභාගි වේ.

දියකැපීමේ පෙරහර 16 වැනි දින උදේ පිටත්වෙන අතර, දෙවියන් උදෙසා වූ දේවදානය පිලිගැන්වීම ඇතුල් කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙන් විහාරස්ථ දායක සභාව ඇතුළු ගම්වාසීන්ගේ සහභාගිත්වයෙන් සිදුවේ.

නිකිණි
අමාවක පෝය


සැප්තැම්බර් 10 වනදා සඳුදා අපර භාග 05.04 ට ලබයි.
11 වනදා අඳහරුවාදා අපර භාග 06.18 දක්වා
පෝය පවතී.
සිල් සමාදන් වීම 10 වනදා සඳුදා ය.

මීළඟ පෝය සැප්තැම්බර්
19 වනදා බදාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර්10

First Quarterපුර අටවක

සැප්තැම්බර් 19

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 26

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 03

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]