සන්නස් පත‍්‍ර ප‍්‍රදානය 25 වනදා
ගාල්ල, අක්මීමන, කැටන්දොල ශ‍්‍රී
මහින්දාරාමාධිපති හුලංදාවේ රතනසිරි හිමියන් වෙත කෝට්ටේ
ශ‍්‍රී කල්‍යාණ සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාව මගින්
තල්පේ පත්තුව උප ප‍්‍රධාන සංඝ නායක පදවිය පිරිනමා ඇත. ඒ
පිළිබඳ අක්ත පත‍්‍ර ප‍්‍රදානය අගෝස්තු 25 වන දා සවස 3 ට
ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජ මහා විහාරයේ දී කෝට්ටේ
ශ‍්‍රී කල්‍යාණි සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක
ආචාර්ය බෙල්ලන ශ‍්‍රී ඤාණවිමල මහ නා හිමියන්ගේ
ප‍්‍රධානත්වයෙන් පැවැත් වේ. අභිනව නාහිමියන් පිළිගැනීමේ
මහෝත්සවය අක්මීමන, කැටන්දොල ශ‍්‍රී මහින්දාරාමයේ දී
අගෝස්තු 26 වන දා සවස 2 ට ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර
අනුනාහිමියන්ගේ
ප‍්‍රධානත්වයෙන් හා මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන්
පැවැත්වේ. |
ලක් සසුනේ අගනා වස්තුවකි
ආත්ම ගෞරවය අගය කරන කාර්යක්‍ෂම භික්‍ෂුව ලක් සසුනේ අගනා වස්තුවකි.
සෙස්සන්ගේ සම්මානය නිතැනින්ම උන්වහන්සේට හිමි වේ. කැටන්දොළ සිරි
මහින්දාරාමාධිපති හා පරගොඩ සිරි රාහුල පරිවෙණාධිපති හුලන්දාවේ
රතනසිරි ස්ථවීරයන් වහන්සේ කාර්යක්‍ෂම තරුණ භික්‍ෂුනමක් වශයෙන් ගිහි
පැවිදි දෙපක්‍ෂයම සම්භාවනා ලබන්නේ තමන් ගොඩනගාගෙන ඇති යහපත්
ප‍්‍රතිරූප නිසාය. නායක පදවියකින් උන්වහන්සේ පිදුම් ලබන මෙම
අවස්ථාවෙහි මගේ ආශිර්වාදය උන්වහන්සේට පිරිණමමි.
කෝට්ටේ, ශී‍්‍ර කල්‍යාණි සාමගි‍්‍ර
ධර්ම මහා සංඝ සභාවේ මහනායක පණ්ඩිත,
ආචාර්ය
බෙල්ලන ඤාණවිමල මහ නා හිමි
සුහදශීලීව කටයුතු කරන හිමි නමක්
ගාල්ල, අක්මීමන, කැටැන්දොල ශී‍්‍ර මහින්දාරාමාධිපති ශාස්ත‍්‍රපති
හුලංදාවේ රතනසිරි ස්ථවිරයන් වහන්සේ වෙත කෝට්ටේ කල්‍යාණි ධර්ම මහා
සංඝ සභාවේ අතිගරු මහා නා හිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ කාරක සංඝ සභාව
විසින් තල්පෙපත්තුවේ උප ප‍්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීම පිළිබඳව
අප දු අතිශයින් සතුටු වෙමු. ඉමදූව, පරගොඩ, වල්පොල ශී‍්‍ර රාහුල
පිරිවෙන් හි පරිවේණාධිපති ධුරය දරන මුන්වහන්සේ තම විහාරස්ථානයත්
දියුණු පවුණු කරගෙන ප‍්‍රදේශයේ සංඝයා වහන්සේගේ හා මහජනතාවගේ
අවශ්‍යතා සපුරමින් එම දෙපක්‍ෂයම සමඟ සුහදශීලීව කටයුතු කරන ස්ථවිර
නමකි. ධර්ම දේශකයකු වශයෙන් මහජන ප‍්‍රසාදයට භාජනව සිටින මුන්වහන්සේ
සුපේෂල ශික්‍ෂාකාමී නිහතමානී මහතෙර නමකි. මෙබඳු සසුනට ළැදි පැවිදි
ජීවිතයෙහි උත්තරීතර භාවය වටහා ගෙන ශාසන මෙහෙවරෙහි නියුක්ත හුලංදාවේ
රතනසිරි ස්ථවිරයන් වහන්සේට මෙම පදවිය පිරිනැමීම සුදුස්සාට සුදුසු
තැන දීමකි. අභිනව නායක ස්ථවිරයන් වහන්සේට තම අධ්‍යාපනික ශාසනික හා
සාමාජික කටයුතු තව තවත් ඉතා සාර්ථකව කරගෙන යාමට මෙම නායක පදවියත්
පිටුවහලක් වේවායි පතන අතර උන්වහන්සේට ඒ සඳහා නිදුක් නිරෝගී සම්පත්
අත්වේවායි තෙරුවන් සරණ පතමි.
දකුණු පළාතේ ප‍්‍රධාන සංඝ නායක, මහොපාධ්‍යාය,
රාජකීය පණ්ඩිත
ගාල්ල මලිගස්පෙ ශී‍්‍ර සුභද්‍රාරාම පුරාණ විහාරාධිපති,
පල්ලත්තර සුමනජෝති නා හිමි
සේවයට උපහාර පිදීම අතිශයින් කාලෝචිතයි
ගාල්ල අක්මීමන කැටන්දොල ශී‍්‍ර මහින්දාරාම විහාරාධිපති ගෞරවාර්හ
හුලංදාවේ ශී‍්‍ර රතනසිරි නා හිමිපාණන් වහන්සේට කෝට්ටේ ශී‍්‍ර
කළ්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාව මඟින් තල්පේ පත්තුව උප
ප‍්‍රධාන සංඝනායක පදවිය පිරිනමා ඇති බව දැන ගැනීමට ලැබීමෙන්
අතිශයින්ම සතුටට පත්වීමි.
වර්ෂ 1983 දී පැවිදි දිවියට පත්වීමෙන් අනතුරුව ශී‍්‍ර ලංකා බෞද්ධ
හා පාලි විශ්වවිද්‍යාලයේ ගෞරව ශාස්ත‍්‍රවේදී උපාධියත්, කැලණිය
විශ්වවිද්‍යාලයෙන් ශාස්ත‍්‍රවේදී උපාධියත් ලැබූහ.
දිගු කලක පටන් කිසිදු සංවර්ධනයක් නොලබා තිබූ ශී‍්‍ර මහින්දාරාම
විහාරස්ථානයේ විහාරාධිපති ධූරයට පත් වීමෙන් අනතුරුව විහාර මන්දිරය,
ධර්ම ශාලාව, සංඝාවාසය යනාදී විහාරාරාංග ඉදි කරමින් දර්ශනීය
විහාරස්ථානයක් බවට පත් කිරීමට සිදු කළ මෙහෙවර භක්ති පූර්වකව
සිහිපත් කිරීමට කැමැත්තෙමි. මෙම අමිල සේවයට උපහාර පිණිස කෝට්ටේ
ශී‍්‍ර කළ්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අතිගෞරවාර්හ මහානායක
ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප‍්‍රමුඛ කාරක සංඝ සභාව මඟින් තල්පේ පත්තුව
උප ප‍්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීමට කටයුතු කිරීම අතිශයින්
කාලෝචිත ය. උන්වහන්සේ ඉටු කරන ජාතික, ආගමික හා ශාසනික කටයුතු
තවදුරටත් ඉටු කරගෙන යාමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යයත්, චිර ජීවනයත්
තෙරුවන් සරණින් ලැබේවා! යි ප‍්‍රාර්ථනා කරමි.
ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක
සමාජවාදී ජනරජයේ ජනාධිපති,
මහින්ද රාජපක්ෂ
ඉහළම අධ්‍යාපන සුදුසුකම් ලබා තිබෙනවා
ගාලු තල්පෙ පත්තුව උප ප‍්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලබන
හුලංදාවේ රතනසිරි හිමිපාණන් වහන්සේ දිගුකලක් අප හොඳින් දන්නා හඳුනන
මිත‍්‍රශීලී හිමි නමකි.
ස්වභාවයෙන්ම ලද ප‍්‍රසන්න මුහුණුවරත් ආරෝහ පරිනාහ දේහ සම්පත්තියත්,
බුදු දහම පිළිබඳ අප රටේ පවත්නා ඉහළම අධ්‍යාපන සුදුසුකම් ලැබීමත්
බුදුරදුන් කෙරෙහි පවත්නා අසීමිත භක්තියත් ගෞරවයත් මම පෞද්ගලිකව
අභිනව අනුනායක හිමියන් තුළ දක්නා ගුණාංග හා ලක්‍ෂණයන් වග සඳහන්
කිරීමට කැමැත්තෙමි. වර්තමානයේ කැටැන්දොල ශී‍්‍ර මහින්දාරාම
විහාරාධිපති තනතුර හොබවමින් එම සතරපේරුවේ දායක දායිකාවන් සමඟ සිය
විහාරස්ථානය අලංකාර ආගමික සිද්ධස්ථානයක් බවට පත් කරන්නට මෙම
නාහිමියන් අනල්ප උත්සාහයක් දරා ඇත. දුක්විඳින ප‍්‍රජාව කෙරෙහි
අසීමිත දයාවක් පැවතීමත් එබඳු අයට අවශ්‍ය උපදෙස් හා සහායන් ලබාදීමත්
අප හිමියන් තුළ පවත්නා සහජ ගුණයක් ලෙස සඳහන් කිරීම වඩාත් යෝග්‍ය
වේ.
සිය විහාරස්ථානයේ දහම් පාසලක් පවත්වා ගෙන යමින් අනාගත සමාජය වඩාත්
යහපත් සමාජයක් බවට පත් කරලීම සඳහා තුන්සීයකට ආසන්න දරු දැරියන්
පිරිසක් සමඟ ගන්නා උත්සාහය අපගේ ප‍්‍රශංසාවටත් ගෞරවයටත් බඳුන් විය
යුතු ය. දරු දැරියන් විනයගරුක පරපුරක් බවට පත් කිරීමට නිරන්තරයෙන්
ප‍්‍රායෝගික වැඩ කටයුතු හරහා නිර්මාණශීලී ක‍්‍රමවේදයන් ගොඩනැඟීම
කාලීන සමාජ අවශ්‍යතා පිරිමසාලීමක් ලෙස ඉමහත් සතුටින් සඳහන් කිරීමට
කැමැත්තෙමි. අප බොහෝ දෙනෙක් දන්නා පරිදි, “සංවර්ධනය” පරිපූර්ණ
වන්නේ මිනිසා තුළ යහගුණයන් ද ඒ හා සමානුපාතිකව ගොඩ නැඟෙන්නේ නම්
පමණි. එනිසා අපගේ නව අනුනා හිමිපාණන් “සංවර්ධනය” පරිපූර්ණ කිරීමට
දරන උත්සාහ ඉමහත් ගෞරවයෙන් සටහන් කරමි. උන්වහන්සේගේ මෙම ශාසනික
ආගමික සමාජ මෙහෙවර සඳහා අපගේ ආශිර්වාදය මෙයින් ප‍්‍රකාශ කර සිටිමු.
වෘත්තීය හා කාර්මික පුහුණු අමාත්‍ය,
පියසේන ගමගේ.