ධර්ම දේශනාව
සත්වයාගේ විශුද්ධියට මාර්ගය
කැකණදුර ඇල්ලකන්ද ආරණ්‍ය සේනාසනයේ
යටියන මංගල ඉසි හිමි
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස.
මග්ගා නට්ඨංගිකො සෙට්ඨො
සච්චානං චතුරො පදා
විරාගො සෙට්ඨො ධම්මානං
දිපදානං ච චක්ඛුමා
(ධම්මපදය – මාර්ග වග්ගය)
තුන්ලෝකාග‍්‍ර වූ භාග්‍යවත් වූ සම්‍යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයන්
වහන්සේ විසින් දේශනා කළ ධම්ම පද ගාථාවක් ප‍්‍රකාශ කළේ ධම්ම පදයෙහි 20
වැනි මාර්ග වර්ගයේ මුල් ගාථාවයි. මෙහි සරල තේරුම නම් මාර්ගයන් අතුරෙන්
ශ්‍රේෂ්ඨ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සත්‍යය අතුරෙන් ශ්‍රේෂ්ඨ
සත්‍යය චතුරාර්යය සත්‍යයයි. ධර්මයන් අතුරෙන් ශ්‍රේෂ්ඨ ධර්මය නිර්වාණ
ධර්මයයි. දෙපා සියලු සත්ත්වයන්ට පසැස් ඇති ශ්‍රේෂ්ඨතම උත්තමයන් වහන්සේ
ලොවුතුරා බුදු රජාණන් වහන්සේයි යන්න එම ගාථාවෙන් පැහැදිලි වෙයි.
ඉතිරිය >>
|