|

බොදු පත්තර අතර මුල් තැන
සසර ගමන නිම කරනට බුදු බණ පද දැන ගන්න
දුක්බර සසර නිම කරනට හැම විටකම වෙහෙසෙන්න
සයන දශකෙ ඇඳ මතටම වී දුක් විඳිමින් ඉන්න
සිදුවූ විටදි බණ පදයක් බැහැ සිහියට අරගන්න
ධර්ම දානයෙහි නිතියෙන නියැළෙන්න
වටිනාකම මෙතෙකැයි බැහැ පවසන්න
සසරට යමක් එක්කර ගමනක් යන්න
බුදුසරණක් හැම පෝයට අරගන්න
බොදු පත් අතර මුල් තැන එයි බුදුසරණ
පෝදා පත්තරේ ලෙස නම ගන්නෙත් බුදුසරණ
සාරගර්භ වටිනා ලිපි ගෙන දෙන්නෙත් බුදුසරණ
කරදරයක් වුණ විටදිත් සොයා යන්නෙ බුදුසරණ
ඩී. රෝහිත වන්නිආරච්චි |