ශ්රී බුද්ධ වර්ෂ 2570 ක් වූ නිකිණි පුර පසළොස්වක පෝ දා 2026 අගෝස්තු 27 බ්රහස්පතින්දා
Print this Article
කසවෙඩි පුපුරන නෙත් සිත් පුබුදන ගින්දර කැරකෙන පෙරහර හැඩ එන
උඩරට කඳුකර දළදා පෙරහර සිත මන්මත් කර විදී සැරිසර
අලි ඇතුන් යන නිළමේවරු යන කරඬු වඩම්මන දළදා වඳිමු පින
වම් දළදා වැඳ කියමු දහම්පද පෙරහර එන සඳ පායයි පුන් සඳ
අජිත් වික්රමනන්ද වීරසූරිය