ප්‍රධාන සංඝනායක පදවි ලබන
අතරගල්ලේ ශ්‍රී ධම්මාලංකාර නාහිමියෝ
මහනුවර, මැණික්හින්න, අතරගල්ල උඩගම අග්‍රබෝධි ශ්‍රී ස්වර්ණබිම්බාරාමාධිපති අතරගල්ලේ
ශ්‍රී ධම්මාලංකාර හිමියන්ට උඩරට අමරපුර මහා නිකායේ මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝ නායක
පදවිය පිරිනමා ඇත. එම අක්තපත්‍ර ප්‍රදානෝත්සවය මේ මස අට වැනි දින පස්වරු තුනට
මැණික්හින්න, අතරගල්ල, උඩගම අග්‍රබෝධි ශ්‍රී ස්වර්ණ බිම්බාරාම විහාරස්ථානයේ දී
රාජ්‍ය ගෞරව සහිත ව පැවැත්වේ.
මහා විහාර වංශික උඩරට අමරපුර මහා නිකායේ මහානායක හිමියන් ප්‍රමුඛ විනයවාදිනි කාරක
මහා සංඝ සභාව විසින් පිරිනමන ලද ශ්‍රී ධම්මාරාම ධීරානන්ද චන්ද්‍රවිමල වංශාවතංස
විශ්ව කිර්ති ශ්‍රී ගෞරව නාමය සම්මුතිය සහිත ව උඩරට අමරපුර මහා නිකායේ මධ්‍යම පළාතේ
ප්‍රධාන සංඝනායක පදවිය මහනුවර, මැණික්හින්න, අතරගල්ල අග්‍රබෝධි ශ්‍රී
ස්වර්ණබිම්බාරාමය ප්‍රධාන විහාරගණයේ අධිපති, කුණ්ඩසාලේ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ කලාප
අංක එකෙහි සභාපති අතරගල්ලේ ශ්‍රී ධම්මාලංකාර හිමියන් වෙත ශ්‍රී ලංකා උඩරට අමරපුර
මහා නිකායේ මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝ නායක පදවිය පිරිනමා ඇත.
අභිනව සංඝ නායක ධුරයෙන් පිදුම් ලැබූ උන්වහන්සේට උපහාර දැක්වීමේ උත්සව සභාව
මහා සංඝ රත්නය ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසකගේ සහාභාගීත්වයෙන් පැවැත්වේ.
කරල්ලියද්ද සමූහ - කේ. විජේසිරි නිශ්ශංක |