Print this Article


මානින්ගමුවේ පියරතන නාහිමියෝ ප්‍රධාන සංඝනායක පදවි ලබති

මානින්ගමුවේ පියරතන නාහිමියෝ ප්‍රධාන සංඝනායක පදවි ලබති

වත්තේගම මීගම්මන රාජමහා විහාරාධිපති මානින්ගමුවේ පියරතන හිමියන් වෙත පාතදුම්බර ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා අතින් පසුගියදා (25) එම විහාරස්ථානයේ දී උත්සවාකාරයෙන් සිදු කෙරිණි.

විජිනිපත පිළිගැන්වීම සංස්කෘතික හා බුද්ධශාසන නියෝජ්‍ය ඇමැති ගමගෙදර දිසානායක සහ පිරිකර පූජාව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ. එම්. බස්නායක මහත්වරු අතින් සිදු විය.