Print this Article


උපසම්පදා ලබති

උපසම්පදා ලබති

දක්ෂිණ ලංකාවේ සමථබල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක, ශාස්ත්‍රපති ලේල්වල සමිත නාහිමි, මිරිස්වත්තේ සුමන හිමි, වත්තෙහේනේ සුධම්ම හිමි, කෙහෙල්වල සුමංගල හිමි, පදලංගල අස්සජි හිමි, කලෙහේ නාරද හිමි, නාරංඕවිට ලක්ඛණ හිමි යන හිමිවරුන්ගේ ශිෂ්‍ය වූ පදලංගල අමිත හිමි සහ පල්ලෙගම වජිර හිමි යන සාමණේර හිමිවරුන් පසුගිය 03 වැනි දින මහනුවර මල්වතු මහා විහාරයේ රාජපූජිත මංගලෝපෝසථාගාරයේ දී අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පදාව ලැබූහ.

****

දෙහිවල නව පොලොන්නරු ගල් විහාරාධිපති, හැව්ඕවිට ගුණානන්ද මාහිමි, අමෙරිකාවේ නිව්යෝක් බෞද්ධ විහාරාධිකාරී වෑකඳවල තුසිත හිමි, මිද්දෙණියේ සුමංගල හිමි යන හිමිවරුන්ගේ ශිෂ්‍ය වූ වැල්ලවායේ සුමනරතන සාමණේර හිමියෝ පසුගිය 14 වැනි දින මහනුවර මල්වතු මහා විහාරයේ රාජපූජිත මංගලෝපෝසථාගාරයේ දී අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පදාව ලැබූහ.