ඇසළ සිරිසර !

දී නෙත් බැලුම් පස්මහ තතු දකින රිසින්
බෝසත් කුමරු මවුකුස පිවිසුමකි තොසින්
පෑ මෙත් ලොවට රාහුල පුතු ගැටුණු ඇසින්
සේසත් නැගේ අබිනික්මන මතක විසින්
සුරපුර සිරි මැවෙන සිළුමිණි මහ සෑයේ
පරතෙර පෙනෙන ලොවුතුරු ගුණ සමුදායේ
නිලඹර ඇසළ සඳ හිනැහෙන මිගදායේ
සුගැඹුර දැනේ මංගල බණ ජය ගීයේ
නන්දසේන පලිහක්කාර |