අනන්ත බුදුගුණ සිංහල දෙරණේ

අනන්ත බුදුගුණ සිංහල දෙරණේ
වාතලයට මුහුකළේ ඔබයි
නිවැරදි බුදුබණ හෙළ සංස්කෘතියේ
තේමා ගීතය කළේ ඔබයි
පිරිසුදු බුදුමඟ සිංහල සිරිතේ
දෑ අනුරාගය කළේ ඔබයි
සීගිරි පව්වේ කැටපත් පවුරට
පද මාලාවක් ලිව්වේ ඔබයි
දළදා මැදුරේ සංඛනාදයෙන්
දෑ අබිමන් ඇති කළේ ඔබයි
සිරිමා බෝධිය හෙළ සංස්කෘතියේ
ජාතික වස්තුව කළේ ඔබයි
රන්මැලි මහ සෑ ලංකා පොළොවේ
ගෞරවයට ලක් කළේ ඔබයි
සමාධි පිළිමය මහමෙව්නාවේ
බුදු මාලිගයක් කළේ ඔබයි
කෝන්වැවේ සිරිසුමන හිමි |