Print this Article


මහකන්දේ රතනපාල නාහිමියෝ වැඩබලන මහානායක පදවි ලබති

මහකන්දේ රතනපාල නාහිමියෝ වැඩබලන මහානායක පදවි ලබති

මහා විහාර වංශික ස්‍යාමොපාලි මහා නිකායේ වනවාස සංඝ සභාවේ පස්ගොඩ ජිනවංශාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 2026 පෙබරවාරි මස 25 වැනි දින අපවත් වී වදාළ බැවින් උන්වහන්සේගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ ස්‍යාමොපාලි වනවාස සංඝ සභාවේ මහානායක පදවියට වැඩබලන මහානායක ස්වාමීන් වහන්සේ ලෙස මහකන්දේ රතනපාලාභිධාන ජ්‍යෙෂ්ඨ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ කාරක සංඝ සභාවේ ඒකච්ඡන්දයෙන් පත් කර ගන්නා ලදී.