Print this Article


මාවිත්තර සිරි තිසරණ ධර්මායතනයේපොසොන් පෝ දා පින්කම් මාලාවක්

මාවිත්තර සිරි තිසරණ ධර්මායතනයේපොසොන් පෝ දා පින්කම් මාලාවක්

පිළියන්දල, මාවිත්තර සිරි තිසරණ ධර්මායතනයේ අභිනවයෙන් ඉදි වූ අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අනුරූ ප්‍රතිමා වහන්සේගේ ධාතුන් වහන්සේ තැන්පත් කිරීම සහ ශ්‍රී දළදා මාලිගයේ පත්තිරිප්පුවේ ආකෘතියට අනුව නිර්මිත ධාතු මන්දිරයේ කොත් වහන්සේ පැළඳවීමේ පින්කම් මාලාවක් මේ මස 28 සහ 29 දෙදින පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව භාරයේ හා නිකවැව, නාගල’ රාජමහා විහාරය සතුව වැඩ සිටින ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ දෙනම මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේගේ තැන්පත් කිරීමට නියමිත අතර 28 දවස පුරා ධාතූන් වහන්සේ වන්දනාමාන කර ගැනීමට අවස්ථාව උදාකර දී ඇති බව විහාරාධිපති ඇඹිලිපිටියේ රතනජෝති නාහිමියෝ දක්වා සිටිති.