මොරවින්න
ශ්‍රී සුධර්මාරාමය
පානදුර, දිබ්බැද්ද, මොරවින්න ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානයේ පොසොන් පුන් පෝයට
සමගාමීව ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වේ. චතුර්මහා විහාරාධිපති, පාලන අධ්‍යක්ෂ
ශ්‍රී ලංකා අමරපුර සිරිසද්ධම්මවංශ මහා නිකායේ අධිකරණ සංඝනායක දෙල්දුවේ සුමන
නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් හා සදූපදේශකත්වයෙන් පින්කම් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙයට සමගාමීව සුමන නාහිමියන්ගේ 60 වැනි ජන්ම දිනයට ආශීර්වාද පිණිස විශේෂ පින්කම්
මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
|