|

ඓතිහාසික උඩුගම ශ්‍රී මහා බෝ සමිඳු රෝපණය කර අඩසියවසක් සපිරෙයි:
ශ්‍රී මහා බෝධිරාජ
රන්දෝලි පෙරහර ජූලි 11දා
ගාල්ල, උඩුගම, ශී‍්‍ර ශාසනාලංකාරාරාම පුරාණ විහාරස්ථානයේ වැඩ සිටින බෝධීන් වහන්සේ
රෝපණය කර ජූලි මස 11 වැනි දිනට වසර 50ක් සපිරේ. ඊට උපහාර පිණිස වාර්ෂිකව පැවැත්වෙන
ශ්‍රී මහා බෝධිරාජ පෙරහර මංගල්‍ය අද (29) සිට ජූලි මස 12 වැනි දින දක්වා පැවැත්වේ.
ජූලි මස 11 වැනි දින රාත්‍රී පැවැත්වෙන අවසන් රන්දෝලි මහ පෙරහරින් සහ ජූලි මස 17
වැනි දින පැවැත්වෙන දෙවොල්මඩු ශාන්තිකර්මයෙන් මෙම කටයුතු නිමා වේ. මෙම ලිපිය ඒ
නිමිත්තෙනි.

වසර 200කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ විහාරස්ථානය
අපවත් වී වදාළ පනංගල ශ්‍රී දේවරක්ඛිත මහා ස්වාමීන් වහන්සේ විසින් ආරම්භ කොට ඇත. මෙම
විහාරය මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයට අයත්
පුණ්‍ය භූමියකි.
විචිත්‍ර ධර්ම කථික නෙළුවේ ශ්‍රී ගුණානන්ද නාහිමිපාණන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වය
යටතේ මෙම විහාරස්ථානයෙන් සිදුකෙරුණුූ ජාතික, ආගමික, සාමාජීය, ආර්ථික සහ සංස්කෘතික
සේවාවන් අසීමිත ය.
උන්වහන්සේගෙන් රටටත්, ජාතියටත්, ශාසනයටත් සිදුවන උදාර සේවාව දුටු ස්‍යාමෝපාලි වංශික
සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයෙන් ‘ආනන්ද ධර්මකීර්ති ශ්‍රී’ යන ගෞරව නාම
සම්මුතිය සහිතව ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක ධුරයට පත් කළහ. ඒ හැරුණුවිට උන් වහන්සේ
ලෝක බෞද්ධ සාම මහා සංඝ සම්මේලනයේ සභාපති වශයෙන් ද කටයුතු කළහ. මෙසේ උසස් තනතුරු සහ
වගකීම්වලින් කාර්යබහුල ජීවිතයක් ගත කළ නමුදු ස්වකීය ප්‍රදේශයේ සියලු ආගමික, සාමාජීය
කටයුතුවලදී කැපවීමෙන් කටයුතු කළහ. සිය විහාරස්ථානයෙහි අඩුපාඩුවක් ලෙස පැවති බෝධීන්
වහන්සේ නමක් රෝපණය කළ යුතු යැයි සිතූ අප නායක හිමිපාණන් ඒ වන විට ඉන්දීය මහාබෝධි
සමාගමේ ප්‍රධාන සභාපති ව සිටි නෙළුවේ ශ්‍රී ජිනරතන නාහිමිපාණන්ට උන්වහන්සේගේ අදහස
දැන්වූහ.
|

උඩුගම සාරානන්ද
නාහිමි |
ඒ අනුව ඉන්දීය රජයේත්, ලාංකේය රජයේත් උපරිම රාජ්‍ය අනුග්‍රහයන් හා ගෞරවයන් ලබමින්
1976 වර්ෂයේ දී ගුවනින් බුද්ධගයාවේ පිහිටි ජය ශී‍්‍ර මහා බෝධි ශාඛාවක් මෙරටට වැඩමවන
ලදි. එම වසරේ ඇසළ පුර පසළොස්වක පොහොය දිනයෙහි ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ පූජෝපහාර මැද
විහාරස්ථානයේ උඩ මළුවෙහි විශේෂයෙන් සකස් කරන ලද භූමියෙහි රෝපණය කරන ලදි.
උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ විහාරස්ථානයේ උඩමළුවේ තෙමහල් බෝධි ප්‍රාකාරය තුළ,
ආරක්ෂිත රන්වැටකින් වටකොට නිරුපද්‍රිත ව, විරාජමාන ව වැඩසිටින ශ්‍රී මහා බෝධීන්
වහන්සේට උපහාර පූජා පිණිස නෙළුවේ ශ්‍රී ගුණානන්ද නායක ස්වාමීන් වහන්සේ විසින්
ශී‍්‍ර මහා බෝධිරාජ පෙරහර ආරම්භ කොට ඇත්තේ 1977 වර්ෂයේ දී ය. උන් වහන්සේගේ අපවත්
වීමෙන් අනතුරුව හිනිදුම්පත්තුවේ ප්‍රධාන සංඝනායක, ධර්ම කීර්ති ශ්‍රී ගුණානන්ද
ශාස්ත්‍රවේදී උඩුගම සමිත නායක ස්වාමීන් වහන්සේ විසින් මෙම පෙරහර අඛණ්ඩ ව පවත්වාගෙන
එන ලදී. හිනිදුම්පත්තුවට හා උඩුගම පුරවරයට බලපෑ ගංවතුර ව්‍යසනය වැනි ස්වභාවික
ව්‍යසන හේතුවෙන් වසර කිහිපයක් පෙරහර පවත්වා නොමැත.
අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා පවත්වමින්, සියලු ආගමික කටයුතු ඉටු කර දෙමින් කටයුතු
කරන මහ තෙරනමක් වන උඩුගම සමිත නාහිමිපාණන් වහන්සේ විසින් 2009 වර්ෂයේ උඩුගම ශ්‍රී
ශාසනාලංකාරාරාම පුරාණ විහාරස්ථානයේ කටයුතු හා ශ්‍රී මහා බෝධිරාජ පෙරහර අඛණ්ඩව
ඉදිරියට පවත්වාගෙන යෑමේ භාරදූර කර්තව්‍ය සතර පේරුවේ දායක කාරකාදීන්ගේ ද එකඟත්වය
පරිදි තම ශිෂ්‍ය, උඩුගම සාරානන්ද ස්වාමීන් වහන්සේ වෙත පවරා දෙන ලදි.
|

පෙරහරේ ප්‍රධාන භාරකාර නිලමේ පුලින නානායක්කාර |
එමෙන්ම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වන්දනා ගමන් ආඥා පනත යටතේ රජයේ
පූර්ණ අනුග්‍රහය ලබාදිය යුතු ජාතික පෙරහරක් ලෙස අංක 1956/11 - 2016 මාර්තු මස 01
වැනි දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් උඩුගම ශ්‍රී මහා බෝධිරාජ පෙරහර ප්‍රකාශයට
පත්කර ඇත. මෙම පෙරහරේ ඇති විශේෂත්වය වන්නේ සධාතුක කරඬුව වැඩම කරවන මංගල හස්තිරාජයාට
අමතරව ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ස්වර්ණාලේපිත අනුරුවක් රන්සිවිගෙයක තැන්පත් කොට ඒ
හා සමාන තවත් හස්තිරාජයකු පිට වැඩම කරවීම ය.
මෙසේ ඈත අතීතයේ සිටම පැවතෙන සාම්ප්‍රදායික චාරිත්‍ර විධියක් වූ බෝධි පූජා සහ පෙරහර
පැවැත්වීම, වත්මන් විහාරාධිපති, හිනිදුම්පත්තුවේ ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රවේදී
උඩුගම සමිත නාහිමිපාණන්ගේ අවවාද අනුශාසනා පරිදි, පාලක විහාරාධිපති, ශ්‍රී මහා
බෝධිරාජ පෙරහරේ ප්‍රධාන සම්බන්ධීකාරක සහ ශ්‍රී මහා බෝධිරාජ ජාතික සංස්කෘතික පදනමේ
සභාපති, ගෞරව ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති උඩුගම සාරානන්ද හිමිපාණන්, පෙරහරේ සියලු
නිලමේවරුන් ඇතුළු උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ විහාරස්ථ ශ්‍රී මහා බෝධිරාජ
පෙරහර කමිටුව, දායක සභාව, දහම් පාසල, කුළඟන සමිතිය, සතරපේරුවේ දායක කාරකාදීන්,
රාජ්‍ය හා පෞද්ගලික ආයතන, ප්‍රදේශවාසීන්, ව්‍යාපාරික ප්‍රජාව, වතු සමාගම් සහ වතු
කම්කරු ජනතාව, ස්වේච්ඡා සංවිධාන සහ විවිධ පරිත්‍යාගශීලීන්ගේ මෙන්ම බාල, තරුණ,
වැඩිහිටි කොයි කාගේත් පූර්ණ සහයෝගය සහ අනුග්‍රහය ඇතිව සිය විහාරස්ථානයේ රෝපණය කර
ඇති ශ්‍රී මහා බෝධීන් වහන්සේට ගෞරව උපහාර දැක්වීම වස් සිදු කෙරෙන චිත්තාකර්ෂණීය වූ
අලංකාර පෙරහර දක්ෂිණ ලංකාව තුළ පවත්වනු ලබන ඓතිහාසික පෙරහර දෙකෙන් එකක් වෙයි.
මේ අනුව අද (29) දින සිට ජූලි මස 12 වැනි දින දක්වා මහා පින්කම් මාලාවක්
විහාරස්ථානයේ දී පැවැත්වේ.
අවසන් රන්දෝලි මහ පෙරහර ජූලි මස 11 වැනි දින සවස 6.30ට ශ්‍රී මහා බෝධීන් වහන්සේ
අබියස පැවැත්වෙන සුවිශේෂ පූජාවෙන් හා කෙටි දහම් හමුවෙන් අනතුරුව මංගල හස්තිරාජයා මත
සධාතුක කරඬුව තැන්පත් කිරීමෙන් ආරම්භ වී උඩුගම නගරයේ වීථි සංචාරය කොට යළි
විහාරස්ථානයට ගෙවැදීමට නියමිත ය. ජූලි මස 17 වැනි දින රාත්‍රී ගම්මඩු
ශාන්තිකර්මයෙන් පෙරහර කටයුතු නිමා වේ.
පෙරහර සමාරම්භක අවස්ථාවට මැති, ඇමැතිවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු
ප්‍රධානීන්, ගාල්ල මහ දිසාපති කේ. යූ. චන්ද්‍රලාල්, අතිරේක දිසාපති, නාගොඩ
ප්‍රාදේශීය ලේකම් සදිශානි ලක්නිමා යද්දෙහිගේ ප්‍රමුඛ කාර්යාලයීය නිලධාරීන් ද
ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික අංශවල නිලධාරීන් ඇතුළු ප්‍රභූන්
රැසක් සහභාගි වීමට නියමිත ය.
දිනපතා, උදේ, සවස ශබ්ද පූජාව සහිතව තේවාව පැවැත්වෙන අතර, උදේ 05.00ට කිරිපිඬු පූජාව
සහිත බුද්ධ පූජාව ද, දවල් සම්බුද්ධ පූජාව ද, රාත්‍රී ඖෂධ පූජා, අෂ්ටපාන පූජා හා
බෝධි පූජා ද පැවැත්වේ. බෝධීන් වහන්සේ වන්දනාමාන කිරීමට පැමිණෙන ජනතාව සත් වරක් පෙරන
ලද සුදුහඳුන් කුඩු දමන ලද පැන් කළයක් රැගෙන ඒම සිරිතකි.
ලක් දෙරණට උඩුගම ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ පිහිට ආරක්ෂාව, සෙත ශාන්තිය ලැබේවා!
දර්ශනපති
එම්. නන්දන
නානායක්කාර |