Print this Article


පොසොන් සඳ

පොසොන් සඳ

පොසොන් සඳ නැඟී එයි ඈත නිලඹර පිලේ
කුමුදු මල් සිනාසෙයි සීතදිය රැළි විලේ
ගයයි බුදුගුණ ගීත විහඟුන් ද මහ කැලේ
අපිත් අද සිහි කරමු මිහිඳු හිමි සතු බලේ

දහම් අම රස ගලයි සිරිලක්හි සිව් කොනේ
පහන් සිත්පසන් වෙයි පොසොන් ගී දෙසවනේ
අනුබුදුණු මිහිඳු හිමි සිරිලකට වැඩි දිනේ
අසිරිමත් බව දැනේ මගේ බුදු හිමියනේ