Print this Article


මිහිඳු හිමියයනියය

මිහිඳු හිමියනි

මිහිඳු සමිඳු සමරන්නේ
මෙත් කරුණා පැතිරෙන්නේ
සිරි ලක දන තුටු වෙන්නේ
බුදු බණ ලක පැතිරෙන්නේ

එදා අපේ ලක්වැසියෝ
හරි දේ නොම දැන සිටියෝ
නිවරද මේ යැයි කියමින්
මිහිඳු සමිඳු දම් දෙසුවෝ

නොවැඩී නම් මිහිඳු සමිඳු
බුදු බණ නැත ලක් දෙරණේ
ලක්වැසි අප හැමදාමත්
ණයයි මිහිඳු සමිඳුන්නේ...