|
අනුරාධපුර, හිඳෙීගම, දිවුල්වැව ශ්‍රී
බෝධිරාජාරාම විහාරයේ විචිත්‍ර ධර්ම කථික, කාව්‍ය ශ්‍රී
කිරින්දේ අභයතිස්ස හිමියන් උපසම්පදාවෙන් පසු වස් විස්ස
සම්පූර්ණ කිරීම නිමිති කරගෙන පසුගිය 30 වැනි දා දාන, ශීල,
භාවනා වැඩසටහන් පැවැත්වූ අතර, පසු දින දහවල් මහා සංඝරත්නය
උදෙසා සාංඝික දානයක් ද කොට්ටාව, කකන්දේගල පුරාණ
විහාරාධිකාරී, කාව්‍ය ශ්‍රී, පණ්ඩිත පැලැන්වත්තෙ හසිත
හිමියන් විසින් ආශීර්වාද බෝධි පූජාවක් ද පවත්වන ලදී.
චිත්‍රාරත්න කළුආරච්චි - හිඳෙීගම සමූහ |