 සීනිගොඩ දී බුදුසරණ පුවත්පත් බෙදාදීමක්
සීනිගොඩ මවුපිය පූජා උපහාර අටවිසි බුදු මැඳුර නිර්මාණය කළ සීනිගොඩ, අංක 10, ශ්‍රී
ශාන්ති සුවසරණ, වතුගෙදර පදිංචි පියදිගමගේ චන්ද්‍රපාල ද සිල්වා මහතා වසර 40ක් පුරා
සැදැහැවතුන් වෙනුවෙන් වෙසක් දිනයට බුදුසරණ පුවත්පත් බෙදාදීමක් සීනිගොඩ දී සිදු කරනු
ලබයි. මෙවර එම උතුම් ධර්ම දානමය පින්කම නැසී ගිය ඇස්. කේ. රැන්සිනෝනා මෑණියන්ටත්,
පියදිගමගේ චාර්ලිස් ද සිල්වා පියාණන්ටත්, පී. ජී. ද සිල්වා සහෝදරයාටත්, කේ. ඒ.
සිරියලතා බිරිඳටත් පින් අනුමෝදන් කිරීම පිණිස අද (30) දින සිදු කෙරේ. |