

රද්දොළුව ශ්‍රී අමර මහා විහාරය
අලුයම 5.00ට ශ්‍රී දළදා වහන්සේ, අටවිසි බුදුරජාණන් වහන්සේ උදෙසා ප්‍රනීත කිරි ආහාර
පාත්‍ර 72ක් පූජා කිරීම, උදෑසන 5.30ට අෂ්ටාංග උපෝසථ සීලයෙහි පිහිටුවීම හා අනුශාසනාව
සීදුවේ සුමනවංස නාහිමි, උදෑසන 6.00ට ආහාර බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව, 07.15
සිට 08.15 ධර්ම දේශනාව ගෞරව, ශාස්ත්‍රවේදී සඳගලතැන්නේ විමලසිරි හිමි, 8.30 සිට
10.30 ධර්ම සාකච්ඡාව මහාචාර්ය අශෝක් පි‍්‍රයදර්ශන, නීල් ධර්මපි‍්‍රය බණ්ඩාර, කේ. ඒ.
එස්. ආර්. දයානන්ද, 10.45ට ශ්‍රී දළදා වහන්සේ, අටවිසි බුදුරජාණන් වහන්සේ උදෙසා
මුල්තැන් බුද්ධ පූජා කිරීම, පස්වරු. 12.00 සිට 12.30 දක්වා සක්මන් භාවනාව, 12.30
සිට 01.15 ජාතක ධර්ම දේශනාව මීගමුවේ විජයකිත්ති හිමි, 01.15 සිට 02.15 ධර්ම දේශනාව
තිස්සපුර ධම්මසිද්ධි හිමි, 02.30 සිට 03.30 ධර්ම දේශනාව මීගමුවේ සුසාර හිමි, ප.ව.
4.00 සිට 5.00 ධර්ම දේශනාව ගල්වලයායේ සුගතරංසි හිමි, ප.ව. 5.00ට අටවිසි බුද්ධ පූජාව
සහිත පහන් පූජා සහ බෝධි පූජා පින්කම.
මත්තෙගොඩ ශ්‍රී සරණධම්ම විහාරය
පෙරවරු 6.00 අටසිල් සමාදන් කරවීම, 6.15 කිරි ආහාර
පූජාව සහිත උදෑසන සම්බුද්ධ පූජාව, 8.00 - 9.00 භාවනාව ධර්මාචාර්ය කොප්පැටියාවේ සාරද
හිමි, 9.30 - 10.30 ධර්ම දේශනාව ධර්මාචාර්ය, ශාස්ත්‍රවේදී සෙවනගල සුනන්ද හිමි,
11.00 දහවල සම්බුද්ධ පූජාව, පස්වරු 1.00 - 2.00 දම්සක් පැවැතුම් සූත්‍රදේශනාව,
ශාස්ත්‍රවේදී තුරුවිල චන්දිම හිමි, 3.00 - 4.00 ධර්ම දේශනාව දර්ශනපති බුලත්සිංහල
කස්සප හිමි, 4.00 - 5.00 ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී නෙළුවේ ධම්මානන්ද හිමි, 6.00 -
7.00 බෝධි පූජා පින්කම ශාස්ත්‍රවේදී තුරුවිල චන්දිම හිමි, විශේෂ ආලෝක පූජාව, සවස
6.00 පමණ සරණධර්ම විද්‍යාලයෙන් පවත්වන අයිස්ක්‍රීම් දන්සල ද විහාරස්ථානය ඉදිරිපිට
දී පැවැත්වේ.
ශ්‍රී ආර්ය බෝධි විහාරය
පෙරවරු 6.00 - 7.00 කිරි ආහාර පූජාව සහ සිල් සමාදන් කරවීම, 7.00 - 8.30 උදෑසන
සම්බුද්ධ පූජාව, 8.30 - 9.30 ධර්ම දේශනාව බදුල්ලේ විදුර හිමි, 10.00 - 11.00 ධර්ම
දේශනාව මොරකැටියේ ධම්මකාන්ත හිමි, 11.00 - 1.00 දහවල් සම්බුද්ධ පූජාව, පස්වරු 1.00
- 1.30 සක්මන් භාවනාව, 1.30 2.30 ධර්ම දේශනාව තල්ලියද්දේ සුමනරතන හිමි, 3.00 - 4.00
ධර්ම සාකච්ඡා ගෞරව, ශාස්ත්‍රවේදී සේරංකඩ සිරි සුනීත හිමි, 4.00 - 6.00 අෂ්ඨපාන
පූජාව.
මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය
පෙ.ව. 6.00 - 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව ශාස්ත්‍රපති කීඹිඇල කස්සප
නාහිමි, පෙ.ව. 8.00 - 9.00 භාවනාව ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි, පෙ.ව. 9.00 -
10.00 ධර්ම දේශනය මහාචාර්ය මල්වානේ චන්දරතන නාහිමි, පෙ.ව. 10.00 - 11.00 ධර්ම දේශනය
ත්‍රිපිටකවේදී හඳපාන්ගොඩ ධම්මරංසි හිමි, පෙ.ව. 11.00 - 11.15 බුද්ධ පූජාව
ගල්ලින්දකන්දේ පඤ්ඤාධීර හිමි සහ හැලබවැවේ පඤ්ඤාවාස හිමි, ප.ව. 12.20 - 1.00 පිරිත්
හා තෙරුවන් ගුණ තලවතුගොඩ විමලධම්ම හිමි සහ නිකවැරටියේ සුඛිත හිමි, ප.ව. 1.00 - 2.00
ධර්ම සාකච්ඡාව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මඩිහේ සුගතසිරි හිමි, ප.ව. 2.00 - 3.00 ධර්ම
දේශනය මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි, ප.ව. 3.00 - 3.45 ධර්ම දේශනය රාජකීය පණ්ඩිත
එළුවාපොළ පඤ්ඤාරතන හිමි, ප.ව. 4.00 - 5.00 ධර්ම දේශනාව ආචාර්ය බොරලැස්ගමුවේ පේමරතන
හිමි, ප.ව. 5.00 - 6.00 වෙසක් විශේෂ වැඩසටහන, ප.ව. 6.00 - 6.30 බෝධි පූජාව සහ සිල්
අලුත් කිරීම හක්මන සුමනසිරි හිමි.
කොබවක ශ්‍රී සුමනාරාමය
පෙරවරු 8.00ට ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී, පණ්ඩිත බුලත්සිංහල විමලානන්ද හිමි, 10.00ට
සදහම් වන්දනාව හා දහවල් සම්බුද්ධ පූජාව ඇඳළුවේ සුබෝධනී මෙහෙණින් වහන්සේ, 1.30ට
විශේෂ භාවනාව ශාස්ත්‍රපති වෑකඩ භද්‍රා මෙහෙණින් වහන්සේ, පස්වරු 3.00ට ධර්ම දේශනාව
තිස්සමහාරාමයේ ආනන්ද හිමි, 4.00ට ධර්ම දේශනාව කොබවක ධම්මසීවලී හිමි, 6.00ට විශේෂ
පහන් පූජාවක් සහිත ගිලන්පස බුද්ධ පූජා සහ අටවිසි බුද්ධ පූජා සහිත බෝධි පූජා
පින්කමකි.
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන
පෙරවරු 6.00 - 7.00 සීල සමාදානය, 7.00 - 7.30 තෙරුවන් වන්දනාව, 8.15 - 10.00
භාවනාව, 10.00 - 11.00 ධර්ම දේශනය, 11.00 - 11.30 තෙරුවන් වන්දනාව උදෑසන වැඩසටහන්
මෙහෙයවීම ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි.
පස්වරු 12.30 - 1.00 සූත්‍ර සජ්ඣායනය, 1.00 -2.00 ධර්ම දේශනය පුහුල්වැල්ලේ සාරධ
හිමි, 2.00 - 3.30 ධර්ම සාකච්ඡාව මඩවල ධම්මික ජිනවංශ හිමි, 4.00 - 5.00 ධර්ම දේශනය
දොළොස්වල උදිතධීර හිමි, රාත්‍රී 7.00ට අටවිසි බුද්ධ පූජාව. |