Print this Article


බුද්ධාභිවන්දනා වෙසක් කලාපය අද සිට පානදුරේ දී

බුද්ධාභිවන්දනා වෙසක් කලාපය අද සිට පානදුරේ දී

බුද්ධාභිවන්දනා වෙසක් කලාපය අද (30) සිට ජුනි මස 02 වැනි දා දක්වා පානදුරේ දී පැවැත්වේ. මෙයට සමගාමීව පාසල් දරුවන් සඳහා සාරධර්ම අගයන විශේෂ දේශනා මෙන්ම සීල භාවනා වැඩසටහන් මාලාවක් ද පැවැත්වේ. අද (30) පානදුර ගල්ගොඩ ශ්‍රී මහා විහාරස්ථානය ප්‍රමුඛව ප්‍රදේශයේ සියලු විහාරස්ථානවල දී සීල භාවනා වැඩසටහන් පැවැත්වේ. එසේම පානදුර රන් කොත් විහාරස්ථානයේ දී සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් සහ ආශිර්වාද බෝධි පූජාවක් ද පැවැත්වේ. හෙට (31) දහම් පාසල් දරුවන්ගේ සාරධර්ම පෙරහර, සුදර්ශන දේවාරාම විහාරස්ථානයේ දී වෙසක් සැදැහැ ගී වැඩසටහන් සහ විශේෂ පහන් කූඩු ප්‍රදර්ශනයක් ද පැවැත්වේ.