Print this Article


බෝවත්ත මහමෙව්නාව භාවනා අසපුවේ දී ශ්‍රී ශාක්‍යමුනි සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාවක්

බෝවත්ත මහමෙව්නාව භාවනා අසපුවේ දී ශ්‍රී ශාක්‍යමුනි සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාවක්

හලාවත, බිංගිරිය, බෝවත්ත ශ්‍රී අංගුලිමාල මහමෙව්නා භාවනා අසපු පින්බිමේ දී ශ්‍රී ශක්‍යමුනි සර්වඥ ධාතූන් වහන්සේ සියැසින් දැකබලා වන්දනා කර ගැනීමේ පින්කමක් සංවිධාන කොට ඇත.

ගල්නෑව ශ්‍රී ආනන්ද මහ සෑ රදුන්ගේ සතරැස් කොටුවේ තැන්පත් කිරීමට නියමිත ඒ උතුම් ධාතූන් වහන්සේ මේ මස 24 වැනි දා සිට 29 වැනි දා දක්වා උදේ සිට සවස් වනතුරු සැදැහැවත් පින්වතුන්ට වන්දනාමාන කිරීමට අවස්ථාව උදාකර දී ඇති අතර, උතුම් ධාතූන් වහන්සේ සියැසින් දැකබලා දස්සනානුත්තරිය පිනක් රැස්කර ගැනීමට ඉඩහසර ලබාදී ඇත.