මුළාව

කොතැන සිට මම ආවෙද
යන්නෙ කොතැනද නොදනිමි
කවුරුදෝ මම කවුරු දෝ
මං මුළාවී භව මගේ
මගේ සම්බුදු සමිඳුණේ
දහම හැර විසඳුම් නැතේ
ආ තැනක් ගැන නොසොයමි
යන තැනක් ගැන නොසිතමි
සැපය කියලා වැළඳ ගත්තේ
දැවෙන ගිනි කන්දකි මෙමා
මගේ සම්බුදු සමිඳුණේ
දහම හැර විසඳුම් නැතේ
සසරෙ ගිනි දැල් නිවාගත් දා
සදාතන සුවයකි ලැබෙන්නේ
නිවී සැනසුන සිතෙහි ඇත්තේ
නිවන් පුරයේ අමා සිසිලයි
ආශාවේ මිරිඟු දිය පසුපස
යන්නෙ මා මං මුළාවී භවේ
ආචාර්ය
රත්නපාල වික්රමසිංහ |