Print this Article


ශ්‍රී නිශ්ශංකමල්ල විහාරස්ථ දහම් පාසලේ වාර්ෂික ත්‍යාග හා සහතික පත් ප්‍රදානෝත්සවය

ශ්‍රී නිශ්ශංකමල්ල විහාරස්ථ දහම් පාසලේ වාර්ෂික ත්‍යාග හා සහතික පත් ප්‍රදානෝත්සවය

අඹගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත් හගරාපිටියේ ජම්බුතැන්න ශ්‍රී නිශ්ශංකමල්ල විහාරස්ථ දහම් පාසලේ වාර්ෂික ත්‍යාග හා සහතික පත් ප්‍රදානෝත්සවය පසුගියදා (31) එම විහාරස්ථ ධර්ම ශාලාවේදී අඹගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති කපිල නාකන්දල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ශ්‍රී නිශ්ශංකමල්ල දහම් පාසලේ ප්‍රධානාචාර්ය, ශ්‍රී නිශ්ශංකමල්ල විහාරාධිපති උඩුගම සීලරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය මවුපියන්ගේ ද සහායෙන් මෙම උත්සවය සංවිධාන කර තිබුණි.