ශ්‍රී ධම්මාලෝක දහම් පාසලේ
ත්‍යාග ප්‍රදානෝත්සවය

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත් බදුපොළ
ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථ ශ්‍රී ධම්මාලෝක දහම් පාසලේ වාර්ෂික ශිෂ්‍ය නායක නිල
ලාංඡන පැලඳවීම සහ ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගියදා (29) එම විහාරස්ථ ධර්ම ශාලාවේදී
පැවැත්විණි.
බදුපොළ ශ්‍රී සුදර්ශනාරාම විහාරාධිපති, ශ්‍රී ධම්මාලෝක දහම් පාසලේ ප්‍රධානාචාර්ය
කළුන්දෑවේ ඛේමානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන්, දහම් පාසල් ආචාර්ය මණ්ඩලය සහ
මවුපියන්ගේ සහයෙන් මේ උත්සවය පැවැත්විණි.
ගිනිගත්හේන විශේෂ - ජී. ඒ. ගුණසේන |