Print this Article


බංගදෙනිය - ජයසුමනාරාමයට සෑ රදුන් වහන්සේ නමක්

බංගදෙනිය - ජයසුමනාරාමයට සෑ රදුන් වහන්සේ නමක්

පසුගිය ජනවාරි මස 01 වැනි දින හලාවත බංගදෙනියේ ශ්‍රී ජයසුමනාරාමයේ පියුමාකාර චෛත්‍යයක් ඉදි කිරීමට මුල්ගල් තැබූ අතර, අඩි 31ක් උසැති වට අඩි 66කට ආසන්න මේ චෛත්‍ය මේ වන විට ඉදි කරමින් පවතී.

එසේම චෛත්‍ය වටා සක්මන් මළුව තාප්පයකින් ආවරණ වී ඇති අතර, සෑ රදුන් වන්දනා කිරීමට මළුවට ඇතුළු වන ප්‍රධාන දොරටු තුනකි. එයින් ඇතුළු වන සැදැහැවතුන්ට චෛත්‍ය වටා සක්මන් කළ හැකිය.

බංගදෙනිය, ශ්‍රී ජයසුමනාරාමයේ මීගහවෙල බුද්ධිකා මෑණියන් වහන්සේගේ පූර්ව ආශීර්වාදය මත මේ සෑ රදුන් වහන්සේ් ඉදි වෙමින් පවතී.