Print this Article


දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම අනුනාහිමියෝ දර්ශනශූරී සම්මාන උපාධියෙන් පිදුම් ලබති

දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම අනුනාහිමියෝ

දර්ශනශූරී සම්මාන උපාධියෙන් පිදුම් ලබති

අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ නව වැනි උපාධි ප්‍රදානෝත්සවය මාර්තු මස 8 වැනි දින ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ මහාමහෝපාධ්‍යාය, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහ නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී ඓතිහාසික වල්ගම්පාය අභය රාජමහා විහාරාධිපති, මල්වතු පාර්ශ්වයේ අනුනායක, දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම අනුනාහිමිපාණන් වහන්සේ වෙත දර්ශනශූරී සම්මාන උපාධිය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කනත්තේගොඩ සද්ධාරතන අනුනාහිමිපාණන් වහන්සේ විසින් පිරිනමන ලදි. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක මකුලෑවේ විමල මහ නාහිමියෝ ද ඡායාරූපයේ වෙති.