Print this Article


සඳකිත් හිමි සැරදේ

සඳකිත් හිමි සැරදේ

සසුන් නුබ විල පුරා සුපිපුණු
රුවන් අරවිඳු නොවන මුකුළිත
මඩිහෙ නා හිමි සෙවණෙ විකසිත
තලල්ලේ සඳකින් සමිඳ අප

අමිල අගයැති සඳුන් කරඬුවකි
ලක් දනන් හට මහරු පින් කෙතකි

පිරූ අඩසිය වසක් මා හිමි
දෙසූ අම දම් මිහිරි අපමණ
දනන් බොදු ගීතයෙන් සැනසුව
සමිඳු බුදුකුරු වේ ය මතු දින

අමිල අගයැති සඳුන් කරඬුවකි
ලක් දනන් හට මහරු පින් කෙතකි

අලව්වේ පැනසිහ සෙනස්න යි
කොළඹ නාරද දහම් අරම යි
අනුරපුර සිරි රහල් අරණයි
අමා දම් මඟ නිබඳ පහයයි

අමිල අගයැති සඳුන් කරඬුවකි
ලක් දනන් හට මහරු පින් කෙතකි