|
යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමය දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාව
වෙනුවෙන් සුභසාධන රාශියක් සංවිධාන කොට ක්‍රියාත්මක කළ අතර නිවාස අහිමිවූවන් සඳහා
නිවාස කිහිපයක් ඉදිකර දීමට කටයුතු කිරීම ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. ඒ අනුව
උඩුදුම්බර ප්‍රදේශයේ නිවාස අහිමි වූ දරු පවුලක් වෙනුවෙන් නව නිවෙසකට මුල්ගල් තැබීම
සංගමයේ සභාපති ජර්මනියේ ප්‍රධාන සංඝනායක ආචාර්ය රත්මලේ පුඤ්ඤරතන නාහිමිපාණන්
වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු විය. එම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු ගිහි පිරිසක්
සහභාගි වූහ.
- හේමමාලා රන්දුනු |