කුල දරුවන් තිදෙනකු පැවිදි බිමට

බිබිල, මඬුල්ල, තැරෑල ශ්‍රී විජයවර්ධන පිරිවෙන් විහාරස්ථානයේ දී පසුගිය 15 වැනි දා
කුල දරුවන් තිදෙනකු පැවිදි කිරීමේ පින්කමක් පැවැත්විණි. කන්දඋඩපංගුවේ සුගතනන්ද
නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් මේ කුල දරුවෝ පැවිදි වූහ.
ආර්.එම්. ජනිඳු නෙත්සර රාමනායක (09) මූදියල පඤ්ඤානන්ද හිමි නමින් ද, එස්.පී. තිලෝක
සඳකැලුම් සුබසිංහ පතිරණගේ (12) තඹානේ ඥානානන්ද හිමි නමින් ද, කේ.එන්. දුෂාන් නිම්සර
(10) බදුළුවෙල සුබෝධානන්ද හිමි නමින් ද සසුන් ගත වූහ.
මේ අවස්ථාවට ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක කන්දඋඩපංගුවේ සුධම්ම නාහිමියන්
ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කර සිටියහ.
ඩී.එස්. ගුණතිලක -
ඌව වෙල්ලස්ස විශේෂ |