Print this Article


“යතිවර මා පිය නිවහන” බදුල්ල දිස්ත්‍රික් වැඩසටහන

“යතිවර මා පිය නිවහන” බදුල්ල දිස්ත්‍රික් වැඩසටහන

සසුනට දරුවන් දායාද කළ, ආර්ථීක දුෂ්කරතා ඇති ස්ථිර නිවෙසක් නොමැති මවුපියන්ට ස්ථිර නිවාස දීමේ “යතිවර මා පිය නිවහන” බදුල්ල දිස්ත්‍රික් වැඩසටහනේ නිවාස ඉදිකිරීම ගැන මූලික සාකච්ඡාවක් පසුගිය 13 වැනි දා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

නිවාස ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍යාංශය, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ බෞද්ධ කටයුතු දෙපාර්තුමේන්තුව ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු ගිහි පිරිසක් එක්ව සිටියහ.