පොකුණුගල පුරාණ විහාරයේ දී කුල දරුවන් හය දෙනකු පැවිදි බිමට

මොනරාගල පොකුණුගල පුරාණ විහාරයේදී කේ.එච්.එම් බිනොජ් සත්සර (13), එම්.පී. බෝමේත්
ගීසුළු (12), එච්.ඒ. යසින්ත නෙත්සර (11), කේ.එච්.එම්. අංජන රවිශාන් (08), ඒ.ගඟන
(09), තෙවිඳු කිත්සිරි (10) යන කුලදරුවන් සය දෙනා පසුගියදා පැවිදි බිමට පිවිසියහ.
විහාරාධිපති ශාස්ත්‍රවේදී පණ්ඩිත කලවැල්ආරගම කස්සප නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් මේ
කුලදරුවන් පැවිදි වූ අතර, මෙම පින්කමට ඌව වෙල්ලස්ස නැඟෙනහිර තෙපළාතේ ප්‍රධාන සංඝ
නායක පොතුබන්ධන රාජමහා විහාරය, දීඝවාපි රාජමහා විහාරය යන උභය විහාරාධිපති මහඔය
ජිනරතන නාහිමි, ශාස්ත්‍රපති පණ්ඩිත වෑකුඹුරේ දේවානන්ද නාහිමි, ශාස්ත්‍රපති පණ්ඩිත
බුද්ධම නන්දසාර හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කර සිටියහ.
ඩී.එස්. ගුණතිලක - ඌව වෙල්ලස්ස විශේෂ |