ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ මැදින් අව අටවක පෝ දා 2026 මාර්තු 11 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ඇහැළියගොඩ සාම විහාර පුණ්‍ය භූමිය සහ ඇහැළියගොඩ ශ්‍රීමත් අනගාරික ධර්මපාල පිළිරූ පරිශ්‍රය නිමවීම ආදී සත්කාර්යයන්හි දී ඇහැළියගොඩ සාම විහාරාධිපති ශාස්ත්‍රපති දන්දෙණියේ විපුලසීහ හිමියන්ට ශක්තියක් වෙමින් උපකාර කළ එස්.ටී. සින්නදුරේ, එස්. සුන්දරලිංගම් ඇතුළු දිවංගත පින්වතුන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ පින්කමක් පසුගියදා පැවැත්වුණි. එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියන්ට ලීලා පංචාංග චිත්‍ර දින දර්ශනය, එස්. ධනබාලා එස්. රවීන්ද්‍රන් සහ නීතිඥ මොහාන් බාලේන්ද්‍ර මහත්වරු විසින් පිරිනැමූ අවස්ථාව.
ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව මඟින් ක්‍රියාත්මක කරන “බුදුපුත් මාපිය සරණ” ව්‍යාපෘතිය යටතේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොටුගොඩැල්ල ප්‍රදේශයේ පදිංචි පවුලකට නිවසක් ඉදිකර පරිත්‍යාග කර ඇත. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහානාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ඇතුළු ප්‍රදේශවාසීහු සහභාගී වූහ.
ඩී.එස් ගුණතිලක - ඌව වෙල්ලස්ස විශේෂ
කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය වාර්ෂිකව පවත්වනු ලබන පිරිත් පින්කම මෙවරත් විදුහල්පති ජේ.සුමේධා ජයවීර මහත්මියගේ ප්‍රධානත්වයෙන් නියෝජ්‍ය සහකාර විදුහල්පති, ආචාර්ය මණ්ඩලය, දරු දැරියන් සහ දෙමාපියන්ගේ සහභාගිත්වයෙන් විද්‍යාලීය පරිශ්‍රයේදී පැවැත්විණි. මහා සංඝරත්නයට පිරිත් පින්කමට දැහැත් වට්ටිය පුජාකර ආරාධනා කිරීම විදුහල්පතිතුමිය විසින් සිදු කරනු ලැබිණ. ජායාරුප - නිශ්ශංක විජේරත්න
මාර්තු 11 බදාදා පූ.භා. 01.56න් අව අටවක ලබා 12 බ්‍රහපතින්දා පූ.භා. 04.21න් ගෙවේ. 11 බදාදා සිල්
අව අටවක
මාර්තු 11
අමාවක
මාර්තු 18
පුර අටවක
මාර්තු 25
පසළොස්වක
අප්‍රේල් 01
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]