තලල්ලේ චන්දකිත්ති හිමිපාණන් වහන්සේ පනස්වැනි
ජන්ම දිනය සමරති
කොළඹ 07, නාරද බෞද්ධ ධර්මායතනාධිපති අලව්ව, පනාදණ්ඩ, පැණසිහ ජාත්‍යන්තර බෞද්ධ
මධ්‍යස්ථානාධිපති, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති, තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ 50 වන
ජන්ම දිනය නිමිත්තෙන් නාරද බෞද්ධ ධර්මායතනයේ දී අර්ධ ශතාධික සපිරිකර සංඝගත
දක්ෂිණාවක් මෙම 27 වැනි දා පැවැත්වුණි.
එස්. එච්. ගජනායක දම්පතීන්ගේ සව්වන දරුවා ලෙස ඉපිද තලල්ලේ සීලරතන ලොකු හාමුදුරුවෝ,
තලල්ලේ විපුලසිරි ලොකු හාමුදුරුවෝ, තිරිකුණාමලයේ ආනන්ද මහා නාහිමි ආදි ගුණවත්,
සිල්වත් මහා යතිවරුන් වහන්සේගේ ඥාති සබඳතා ඇතිව ඇති දැඩි වුණි.
පාසල් නිවාඩු සමයන් හි දී විහාරස්ථාන නේවාසික ඇසුර ලබමින් සිට පැවිදිවීමේ අදිටනෙන්
තලල්ලේ සීලරතන නාහිමියන් සමඟ මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයට පැමිණ අග්ගමහා පණ්ඩිත
මඩීහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි මාතර, මැද්දවත්ත
ධර්මායතනයේ පැළෑනේ සුවිනීත මාහිමි සහ හක්මන සුමනසිරි මාහිමියන්ගේ අනුශාසනා ලබමින්
මූලික බණ දහම් හදාරා 1988 සැප්තැම්බර් 25 වැනිදා අම්පිටියේ ශ්‍රී රාහුල ලොකු
හාමුදුරුවන් වහන්සේගේ ආචාර්යත්වයෙන් මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන් වහන්සේගේ
උපාධ්‍යායත්වයෙන් පැවිදි වූ තලල්ලේ චන්දකිත්ති හාමුදුරුවෝ ප්‍රාචීන අධ්‍යයන අංශයෙන්
රාජකීය පණ්ඩිත උපාධිය සාමණේර අවධියේ දීම ලබා ගත්හ.
උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය පතමු.
බෞද්ධ පත්‍ර කලා විශාරද
සීසර් සුදුසිංහ |