අතුලදස්සන බෞද්ධ මධ්‍යස්ථානයේ
වාර්ෂික පෙරහර
කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ අතුලදස්සන බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික දස පාරමිතා පෙරහර
මාර්තු 2 වැනිදා (පෝදා) සවස පැවැත්වේ.
මෙවර එම පෙරහර පවත්වනුයේ 36 වන වරටය. අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානය සහ චන්ද්‍රලේඛා
මාවතේ භික්ෂු ගිලන් මධ්‍යස්ථානය ඇතුළු විහාර ගණයේ විහාරාධිපති අමරපුර සිරි
සද්ධම්මවංශ පාර්ශ්වයේ අනුනායක බොරැල්ලේ අතුල අනුනාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ඇරැඹුණු
දස පාරමිතා පෙරහර කොළඹ සල්පිටි හේවාගම් රයිගම් කෝරළත්‍රයේ ද්විතීය සංඝනායක බෝගහවැව
රතන නාහිමියන්ගේ සංවිධායකත්වයෙන් සිදු කෙරේ. 1991 දී මල් පෙරහරකින් ආරම්භ වූ එම
පෙරහර උඩරට, පහතරට, සබරගමු නර්තනයන්ගෙන්ද, අලි ඇතුන්ගෙන් ද අලංකාර වේ. විහාරස්ථ
බෞද්ධ සමිති සමාගම් සහ සැදැහැවතුන්ගේ අනුග්‍රහයෙන් පෙරහර කටයුතු පැවැත්වේ. |