සෙවණැලි

ලොව සැම අතහැර නොයනා
පසුපස එන සෙවනැළි සේ
පව් පින් අප හා සමඟින්
සැමවිට නො නැවත එන්නේ
සිත කය නිති සුපිරිසුදු ව
රැකගත යුතු සත්ගුණයෙන්
යහපත් සිතිවිල්ලෙන් මිස
පිනට වෙනත් මඟක් නොමැත
විය සිදුරෙන් අහස බලන
කණ කැස්බෑවකු විලසින
දුලබ මිනිස්බව ලැබුවන්
පින් රැස්කළ යුතු ය විගස
දිවියෙන් සමුගෙන යන විට
අල්ලාගත් සැම අතහැර
යන්න වේ ය හිස් අතින් ම
පව් පින් දෙක පමණක් ගෙන
ආචාර්ය රත්නපාල වික්රමසිංහ |