ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ නවම් අව අටවක පෝ දා 2026 පෙබරවාරි 09 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
අසිරිමත් පුණ්‍ය පාරමී ගුණය පුරවා ලොවට පහළ වන සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකගේ මුළු දිවිය ම ආශ්චර්යයෙන් පිරී පවතී. සම්බුදු සිරිතෙහි වැඩිමනත් විශේෂ සිදුවීම් පොහෝ දිනවලම යෙදීම ද එක්තරා අසිරියකි. නවම් පුන් පොහෝ දින කිහිප කරුණක් නිසා සුවිශේෂී වේ. * සාරිපුත්ත, මොග්ගල්ලාන මහරහතුන් වහන්සේට අග්‍ර ශ්‍රාවකත්වය ලබා දීම. * ප්‍රථම සංඝ සන්නිපාතය සහ ඕවාද ප්‍රාතිමෝක්ෂය. * බුදුරජාණන් වහන්සේ ආයු සංස්කරණය අත්හැරීම, සිහි කළයුතු විශේෂ සිදුවීම් ය. එදින නවම් මස පුන් පොහෝ දිනකි. අප සම්බුදු රජාණෝ බුද්ධාසනය අරා වැඩ සිටිති. උරුවේල කාශ්‍යප තෙරුන්, නදී කාශ්‍යප තෙරුන්, ගයා කාශ්‍යප තෙරුන් සිය පිරිසේ සිට පැවිදි වූ දහසක් භික්ෂු සංඝයා පෙරටුව වැඩ සිටිති. රන්වන් කිනිහිරියා මල් පැහැයෙන් බබළමින් සාරිපුත්ත මුනිඳාණෝ ද, නිල්මහනෙල් මල් පැහැයෙන් බබළමින් මොග්ගල්ලාන මුනිඳාණෝ ද සිය පිරිසෙහි සිට පැවිදි වූ දෙසිය පනහක් භික්ෂු සංඝයා පෙරටු කොට වැඩ සිටිති. එක්දහස් දෙසිය පනහක් වූ ගෞතම සම්බුදු සසුනේ ප්‍රථම සංඝ සන්නිපාතයයි මේ. ධතරාෂ්ට හංසරාජයා පිරිවරා ගත් ශ්වේත රැස් විහිදෙන හංස සමූහයක් සේ, තරු පිරිවරා ගත් පුන්සඳ මඬලක් සේ මගධයේ රජගහනුවර වේළුවනාරාමය බුද්ධ ප්‍රමුඛ මහරහත් මුනිවරුන්ගෙන් බැබළී ගියේ ය. සම්බුදු රජාණෝ ඒ පිරිසෙහි වැඩ සිටි සිය පුත්‍රයන් දෙදෙනකුගේ අතීත කෘතපුඤ්ඤ ලක්ෂණයන් බුදු ඇසින් විමසා වදාළහ. පුෂ්පාසන, පුෂ්ප ඡත්‍ර පිදීමේ පින. මෙයින් එක් අසංඛෙය්‍යකුත් තවත් කල්ප ලක්ෂයකට පෙර අනෝමදස්සී සම්මා සම්බුදුරජුන් වැඩ සිටි සේක. සරද නම් මානවකයෙක් මහාසාර බ්‍රාහ්මණ පවුලක උපන්නේ පියාගේ ඇවෑමෙන් කුලය සතු ධනය බලා සසරෙහි අස්වැසිලි රහිත බව නුවණින් සලකා සිය ධනය දුගී මගී යාචක ශ්‍රමණ බ්‍රාහ්මණාදීන්ට දන් දී විමුක්තිය පිණිස ගිහි ගෙදරට සමු දී, තවුස් පැවිද්දෙන් පැවිදි විය. හැත්තෑ හතර දහසක් පිරිවර ඔහු සමඟ අභිනික්මන් කළහ. සරද තවුසාණෝ කසින භාවනා වඩා අෂ්ට සමාපත්ති, පංච අභිඤ්ඤ පිරිසුදු කොට සිය පිරිසට ද ඒ සඳහා මඟ දෙසූහ.
පෙබරවාරි 09 සඳුදා පූ.භා. 05.03 න් අව අටවක ලබා 10 අඟහරුවාදා පූ.භා. 07.29 න් ගෙවේ. 09 සඳුදා සිල්
අව අටවක
පෙබරවාරි 09
අමාවක
පෙබරවාරි 16
පුර අටවක
පෙබරවාරි 24
පසළොස්වක
මාර්තු 02
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]