Print this Article


කහතුඩුව සුමග ධර්මායතනයට ඉඩම් පරිත්‍යාගයක්

කහතුඩුව සුමග ධර්මායතනයට ඉඩම් පරිත්‍යාගයක්

කහතුඩුව ප්‍රගති මාවතේ ශ්‍රී සුමන ධර්මායතනය සඳහා කහතුඩුවේ කොළඹ හොරණ පාරේ පදිංචි කේ.ඒ.ඩී. සරත් මහතා විසින් පර්චස් 26 ක ඉඩමක් පරිත්‍යාග කරනු ලැබීය.

ඊට අදාළ ඉඩම් ඔප්පුව සහිත මංජුසාව සරත් මහතාගේ බිරිඳ වන අනෝමා මහත්මිය හා සරත් මහතාගේ සොහොයුරු කේ.ඒ.ඩී. කුමාරදාස මහතා විසින් ශ්‍රී සුමන ධර්මායතනාධිපති ඕමල්පේ සුමනානන්ද හිමියන් වෙත පිරිනැමූ අවස්ථාව.